'මාව සූප්පු කරලා,හපලා තිබුණේ. හැම චැනල් එකකින්ම කෙළවලා දැම්මනේ!කුඩ්ඩා කියපු උන් දැන් මට සර් කියනවා!': 'අසුබ' කාල පහු කළාට පස්සෙ, 'කොන්ද' කෙළින් කරගත්ත අමල් පෙරේරා... 'මම දවස් 79ක් පුතා එක්ක හිරේ හිටියා!'
'මල් පිට මල්', 'ප්‍රංශ යුවතියන්' වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ 'අමල් පෙරේරා' ප්‍රවීණ ගායක මර්වින් පෙරේරාගේ ආදරණීය පුතණුවන් ද වනවා.
වත්මනේ 'රියැලටි වේදිකාවක' මුලසුන හොබවන 'අමල් පෙරේරා' පරම්පරා ගණනක ආදරය 'සුව සේ' විඳින්න තරම් 'පින් කෙරූ' අයෙක් වනවා.
නමුත් විටින් විට යම් යම් 'සිදුවීම්' නිසා 'අමල් පෙරේරා' සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන බැව් රහසක් නෙවෙයි.
වතාවක් 'සුදු කැස්බෑවෙක්' නිසා ඔහු ගැන බොහෝමයක් 'උන්'ගේ අවධානය යොමු වුණා හා සමානව 'මාකඳුරේ මධූෂ්'ගේ සිදුවීම නිසාම සමාජයෙන් 'ගැරහුම්' ලබන්නටත් ඔහුට සිදුවුණා.
'මාකඳුරේ මධූෂ්' ඩුබායි හි දී අත්අඩංගුවට පත් වීමත් සමඟ 'අමල් පෙරේරා' සහ 'නදීමාල් පෙරේරා' ද ඒ සමඟම අත්අඩංගුවට පත් වූ අතර, ඔවුන් දෙදෙනාගේ ගීත පවා එදින 'ඩුබායි පොලිසියේ' වාදනය වූ බැව් මාධ්‍ය වාර්තා කර තිබුණා.
කෙසේ හෝ වේවා, මේ වන විට 'කාලයාගේ අවෑමෙන්' ඒ සියල්ල 'යටපත්' වී ඇති මොහොතක (අමල් පෙරේරාව දේවත්වයෙන් අදහන මොහොතක) ඔහු 'උපුල් සන්නස්ගල' හා සම්මුඛ වෙමින් කියූ කතාවක් තමයි මේ.......................
'මම දවස් 79ක් මගේ පුතාත් එක්ක හිරේ හිටියා ඩුබායිවල. ඉඳලා එද්දි මාව සූප්පු කරලා, හපලා දාලා තිබුණේ මාව... සුබ, අසුබ, ජය.... ඔය කියන කෑලි අස්සෙ මට ඒක මාර එකක්. හැම චැනල් එහෙකින්ම මට කෙළවලා දැම්මානේ. අවුලක් නෑ මචං... හැබැයි, ඒ දවස් ගාණට නිවුස්වල, පත්තර වල හැම එකකම.... 'කුඩ්ඩා' වෙලා මම. පස්සෙ... පරාජය විදිහට ඒක සමාජය දැක්කට, මම එහෙම දකින් නෑ. හැබැයි මට ජයක් ලැබෙනවා මම ඒ මිනිස්සු බලන් ඉද්දි, මම රියලැටි එකක වාඩිවෙනවා. කුඩ්ඩා කියපු උන් මට සර් කියනවා මචං... ඒක මාරයි....'
'මට කමෙන්ට් එකක් දාලා තියනවා, මුන්ව ගෙන්නන්නෙ ඇයි? මුන්ට කතා කරන්නවත් දන් නෑ කියලා. මුන්ට ඇයි 'උඹ' 'බං' කිවුවම තියෙන ප්‍රශ්නේ? මගේ ජීවිතේ තියෙන හැලහැප්පීම් එක්ක මම දුක්වෙන් නෑ. තව හැප්පෙන්න තියනවා නම් ඒත් හැප්පෙනවා....'