'එතැන හිටියා තව නිළියක්, එයත් බලා ඉද්දි ඔහු මට මත්පැන් 'බොන්න, බොන්න' කියලා මගේ හිසට වක් කළා! පස්සෙ': සිනමාව ඉස්සරහා 'සුපිරි වීරයෙක්' වුණත්, 'සල්මාන්'ගේ ඇත්ත ජීවිතේ සෑහෙන්න වෙනස්!
කොපමණක් 'සුපිරි වීරයන්' බොලිවුඩය අරක්ගෙන සිටිනවා වුණත්... 'සල්මාන් ඛාන්' නම් වූ 'දැවැන්තයා' බොලිවුඩයේ 'ඉහළම තැනක' ඉන්න බැව් අමුතුවෙන් කිව යුතු නැහැ.
හැබැයි මේ කතාව 'සල්මා'ගේ 'චිත්‍රපටි කතාවක්' ගැන නම් නෙවෙයි. (එහෙනම් මොකක් ගැනද? ඉන්න කියන්නම්...)
'සල්මාන්' තිරය ඉස්සරහා කොයි තරම් 'සුපිරි වීරයෙක්' වුණත්... (කොටින්ම තේරේ නාම් එකේ වගේ 'සංවේදී ප්‍රේමවන්තයෙක්' වුණත්,) පුද්ගලික ජීවිතය ඇතුළේ බොහෝම දඩබ්බරයෙක්. කොටින්ම කී දේ නාහන එකෙක්. හිතුවක්කාරයෙක්. තද කේන්තිකාරයෙක්. අංචි අදින එකෙක්.
සල්මාන්ගේ 'ඉතිහාසය' හාරා අවුස්සනකොට ඒ විදිහේ 'කයි කතන්දර' බොහෝමයක් එළි පහළියට එනවා.
මේ කියන්න හදන්නෙත් ඒ විදිහේ කතාවක්.
ඒ තමයි, 'සල්මාන්ගේ සහ සෝමි අලී'ගේ ආදර කතාව.....
90 දශකයේ 'සුන්දර නිළියක' වූ සෝමි අලී සිය ජීවිතයේ 'හැලහැප්පීම්' රැසකටම මුහුණ පෑ චරිතයක් බැව් රහසක් නෙවෙයි. (මේ හැම රහස් කතාවක් ඉන්දියානු මාධ්‍ය එළියට ඇද්දා...)
සෝමි අලීගේ 'බිහිසුණුම' සම්බන්ධතාවය 'සල්මාන්' සමඟ පැවැති නමුත්.. එය බොහෝම ඉක්මණින් (අතිබිහිසුණු අයුරින්ම) අවසන් වී තිබුණා.
ඒ සමයේ ඔවුන් අතර සිදු වූ 'පුද්ගලික කෝන්තර' බොහෝමයක් 'පැපරාසි මාධ්‍ය' විසින් අනාවරණය කර තිබුණා.
එයින් එක් 'ප්‍රවෘත්තියක්' වුණේ (ඇත්තටම ඒක ඔිපදූපයක්...) සල්මාන් අවන්හලකදී සෝමිගේ හිස මතට වීදුරු බෝතලයක් කඩා දැමුවා කියන එක.
ඒ සමයේ ඒ සඳහා 'පිළිතුරු' නොදුන්නා වුණත් වසර ගණනකට පසු 'සෝමි' ඒ සිදුවීම ගැන මතක අවදි කොට තිබුණා. (ඇත්තටම ඇය ඒක ප්‍රතික්ෂේප කර තිබුණා......)
'ඇත්තටම මේක ඒ සමයේ සෑම සඟරාවක්ම ලබාගත් වඩාත් හාස්‍යජනකම ප්‍රවෘත්තිය... වාසනාවට මේක බොරුයි කියන එතැන සාක්ෂිකරුවන් හිටියා. අනික.... මේ කියන විදිහට මේ මනුස්සයා මගේ ඔලුවට බෝතලයක් කඩා දැම්ම නම් මට ලේ යන්නෙ නැතුව තියෙයිද? ගිලන් රථයක් එන් නැතුව තියෙයිද?'
එතකොට ඇත්තටම වුණේ මොකද්ද? සල්මාන් එහෙම නොකළා නම් කොහොමද කළේ ?
'ඇත්තටම වුණේ මම වෙනත් නිළියක් එක්ක.. (මම ඇයගේ නම කියන් නෑ, ඈට ගෞරවයක් වශයෙන්..) මගේ හිටපු පෙම්වතා මට මත්පැන් 'බොන්න, බොන්න' කියලා මගේ හිසට වක් කළා. මාත් එක්ක හිටපු නිළිය 'කාන්තාවකට ඔහොම සලකන්න එපා' කියලා කිවුවා. සිද්ධිය එතැනින් ඉවර වුණා....'
එහෙම වුණත් 'සෝමි' කිසිවක් නොසඟවා හිටියේ නෑ. සල්මාන්ගේ 'නොමනා' කියන හැසිරීම් ගැනත් ඇය ප්‍රසිද්ධියේ කියා පාන්නට වුණා.
'ඔහු නිතරම කළේ මාව වාචිකව ලිංගිකව සහ ශාරීරිකව හිංසනයන්ට ලක් කරපු එක. වසර ගණනක් යනතුරු ඔහු මාව ඔහුගේ පෙම්වතිය ලෙස ප්‍රසිද්ධියේ පිළිගන්නට පවා අකැමැති වුණා. මිතුරන් ඉදිරියේ පවා මට අපහාස කළා, නොනවත්වා බැන වැදුණා....'
මේ මොන දේ 'කොයි' විදිහට අවසන් වුණා වුණත් 'සල්මාන්' ඈ ගැන කිවුවා කියන කතාවක් අපිට අන්තර්ජාලයෙන් හොයාගන්න බැරිවුණා.
මූලාශ්‍ර masala.com/telanganatoday.com