''අප්පච්චි නිසා තමයි අපි ඉන්නේ.... අපිට ළඟදිම හොඳ ආරංචියක් අහන්න ලැබෙයි..'': ආදරණීය පියා ගැන අකිල කියන කතාව
අකිල ධනුද්දර ඇන්තනී... රංගනය, නර්තනය ,නිවේදනය යනාදී ක්ෂේත්‍ර රැසක නම රැන්දූ ඇන්තනී පවුලේ වැඩිමල් පුත්‍රයා ඔහු.
අකිල හුරතල් දියණියකගේ පියෙක්. ඒ වගේම තමයි මේ වෙද්දි දෙවන වරටත් පිය පදවිය ලබන්න සූදානමින් පසුවන්නේ...
''එයා එන බව දැනගෙන ගත වුණේ ඉතාම පොඩි කාලයක්.
දැනට එයා ගැන ලොකු විස්තරයක් කියන්න අමාරුයි.
කොහොම වුණත් ජීවිතේ ඒ ඒ කාලවලදී විවිධ අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
මේ අවස්ථාවත් ඒ වගේ.
මේ වෙද්දි මගේ දෙවෙනි දරුවා වෙනුවෙන් මුළු පවුලම ඉතාම ආදරයෙන් බලාගෙන ඉන්නවා.''
අකිල - එමී ආදර කතාව දිහා බලන කාටත් එහෙම ආදරයක් ලැබීම කෙතරම් නම් භාග්‍යයක් ද කියලා හිතෙන එක රහසක් නෙවෙයි. අකිල ළඟ එමී වෙනුවෙන් තියෙන්නෙ එතරම් අසීමිත ආදරයක්...
''ජීවිතේ සියලු කටයුතු වෙනුවෙන් මට සහාය වෙන්නේ මගේ බිරිය එමී.
ඇත්තටම ඇය මගේ බිරිය වෙන්න කලින් මගේ සෙකට්‍රි.
මම විවාහ වුණේ මගේ සෙකට්‍රි එක්ක.
මමත් එමිත් මහා ලොකුවට ජීවිතේ ගැන හිතන්නේ නැහැ. එදා දවස උපරිමයෙන් විඳිනවා.
ඉඳලා හිටලා ඒ වෙලාවට පිංතූරයක් ගන්නවා සහ සතුටින් ජීවත් වෙනවා...''
''මගේ පළමු දරුවා ලැඛෙන්න ඉන්නකොට එමීට කෑම කන්න අපහසුවක් තිබුණේ නෑ.
ඒ්ත් මේ දෙවෙනි දරුවා ලැඛෙන්න ඉද්දි තත්ත්වය ටිකක් වෙනස්.
එයා කෑම අප්පිරියා කරනවා.
ඒමී කැමති විදිහට ඒයාට ගැළපෙන විදිහට අපි එමී වෙනුවෙන් අවශ්‍ය දේවල් සූදානම් කරනවා.
කෑම නම් ගොඩක් හම්බෙනවා.
ප්‍රශ්නේ තියෙන්නේ කෑම සම්බන්ධයෙන් ඒමීෙග් තියන කැමැත්ත ටිකක් වෙනස්.''
අපි කිව්වනෙ අකිල හුරතල් දියණියක්ගෙ පියෙක් කියලා. තාත්තා කෙනෙක් දුවට දක්වන ආදරේ තරම ගැන කියන්න මේ තාත්තා දෝණි දෙන්නා කදිම සාක්ෂියක්...
''මේ දවස්වල ඇය වැඩිපුර කාලය ගත කරන්නේ මාත් එක්ක.
ඒකට හේතුව එමී දැන් ඉන්න තත්ත්වය.
එයාට දුවත් එක්ක වැඩ ටික කරගන්න පහසු වෙන්න තමයි දුවව ටිකක් වැඩිපුර මගේ ළඟින්ම තියාගෙන ඉන්නේ.
ඉස්සර ඉඳන්ම මම ළමයි කියන මාතෘකාවට ගොඩක් ආදරේ කෙනෙක්.
මගේම දුවව මට ගොඩක් දැනෙනවා සහ මම ඇයට ගොඩක් ආදරෙයි.''
ඇන්තනී පවුලෙ කවර කතාබහක් වුව අවසන් වෙන්නෙ, ජැක්සන් ඇන්තනී කලා කරුවාගේ වත්මන් තත්ත්වය කොහොමද යන ප්‍රශ්නාර්ථයෙන්.... ඔහුට ආදරේ කරන කාටත් දැනගන්න අවැසි කාරණයත් එයම යි...
''අපේ පවුලේ සියලු දෙනාම කරන සෑම කටයුත්තකම අරමුණ තමයි තාත්තව සුවපත් කර ගැනීම.
යම් දෙයක් අපි හදවතින් ප්‍රාර්ථනා කළොත් එය ලබා දෙන්න විශ්වයම උත්සාහ කරනවා.
දිනෙන් දින අප්පච්චි සුවය ලබමින් ඉන්නවා.
හැම අවස්ථාවකදිම අපේ ශක්තිය තමයි ධනාත්මකව සිතන එක.
අප්පච්චි නිසා තමයි අපි ඉන්නේ.
අපිට ළඟදිම හොඳ ආරංචියක් අහන්න ලැඛෙයි කියන විශ්වාසය අප තුළ තියෙනවා.''
(උපුටාගැනීම් රසඳුන - දසුනි වත්සලා වික්‍රමසිංහ)