''මගේ අවුරුදු 33ක ජීවිතේ හොඳම රඟපෑම කරත් සිංහයාට, කාටවත් ඒක හොඳයි කියන්න හිතෙන්නෙ නෑ..'': අකිලගෙන් සංවේදී කතාවක්

MonaraMonara

ඡායාරූප : facebook

ගෙවුණු කාලයේ නිතර කතාබහට ලක්වුණු කලා පවුල විදියට ඇන්තනී කලා පවුල හැඳින්වූවාට වරදක් නෑ.

මොකද ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතාගේ වියෝවත් එක්ක වැඩිදෙනෙක්ගෙ මාතෘකාව බවට පත් වුණේ මේ කලා පවුල.

ඒ කතාබස් අතර කවදත් වගේ පැසසුම් සේම විවේචනත් අඩු නැතුව ගැබ්වෙලා තිබුණා.

විශේෂයෙන්ම කිව යුතු කාරණය නම් සමාජය කවර විදියට ප්‍රතිචාර දැක්වුවත් අතරමඟ නතර නොවී තමන්ගේ ගමන යන කලා පවුලක් මේ.

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook

මේ කතාව කියන්න හේතුවක් වුණේ, ඇන්තනී පවුලේ වැඩිමල් පුත්‍රයා වුණු අකිල සිය ෆේස්බුක් ගිණුමට එක් කළ සටහනක්.

ඔහු සටහන තබා තිබුණේ සිංහබාහු සිනමා පටය ගැන.

ඒ අකිලගෙ ජීවිතයේ අමතකම නොවන සිනමා සිත්තම බැව් අපිට විශ්වාසයි...

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook

''අපි ඊයේ සිංහබාහු බැලුවා

චිත්‍රපටය ඉතා ලස්සනයි

මම මගේ අවුරුදු 33ක ජීවිතේ හොදම රඟපෑම කරත් සිංහයාට...

කාටවත් එක හොදයි කියන්න හිතෙන්නේ නෑ...

ඒත් අම්මා ඊයේ චිත්‍රපට ශාලාවෙන් එලියට ආපු ගමන් මගේ බෙල්ලේ එල්ලිලා ඇඩුවා….

මං ඇඩුම් වර්ග, සිනා වර්ග, හ්ම්ම්ම් වර්ග පවා හොදින් හදුනනවා

ඒත් අම්මාගේ මේ ඇඩුමේ මොකද්දෝ මන්දා අමුත්තක් තිබුනා

ඒ ටික මට ඇති

සෝමේ මාමා,රේණු නැන්දේ යශෝදා අක්කේ..

ඔයාලා මගෙ හිත පරිස්සමෙන් බලාගන්න, මාව සූදානම් කරන්න කරපු දේවල්වලට කියන්න මට වචන නෑ

හැබැයි එකක්

මං ඔය වචනවලිං නැති උනාට මැරෙනකං ආදරෙයි ''

MonaraMonara

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook