"පරණ බැරල් එකතු කරන පිරිමි ටිකක් ෆෝම් වෙලා. එකියක් දාලා ආදිත්‍යාට ගායලු": "පරණ බැරල් එකතුකරන පිරිමි ටිකක් ෆෝම් වෙලා. එකියක් දාලා ආදිත්‍යාට ගායලු", බුකියෙන් නැවත වතාවක් අවමන් විදිහ ආදිත්‍යා අවසානයේ සියලු දෙනාට උත්තර දෙයි

MonaraMonara

"පරණ බැරල් එකතුකරන පිරිමි ටිකක් ෆෝම් වෙලා. එකියක් දාලා ආදිත්‍යාට ගායලු"

"අපෝ මේකිගේ හැටි... බීලාද මන්දා මූණ"

"ඊයා අප්පා.. ඇත්තටම කැතයි.."

"දුවේ ඔයා මෙහෙම වෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි..."

ජනප්‍රිය ගායිකා ආදිත්‍යා වැලිවත්තගේ ඡායාරූපයක් පසුගිය දින කිහිපයේ 'බුකියේ ජනප්‍රියතම ඡායාරූපය' බවට පත්වුණා.

ඒ සැණින් 'ආදිත්‍යා' ගැන බුකියේ නැවත වතාවක් කතාබස් වෙන්න පටන් ගත්තා. (සහතිකවම මේ පළවැනි වතාව නෙවෙයි.)

සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු (අනිත් රටවල අයත් එහෙමද දන්නෑ) තමන් පැල් බැඳගෙන හෝ ආදරේ කරන්න ගන්න 'ජනප්‍රිය තරුවක්' තමන්ට වුවමනා විදිහට තියාගන්න මාර විදිහට ට්‍රයි කරනවා.

එක්කෝ එයාගේ ඇඳුම හරි නැත්තම්, විධිය හරි නැත්තම්, "මේක හදාගන්නවද නැද්ද?" කියලා තර්ජනය කරන්න වුණත් ඒ අය ලෑස්තියි.

ඒ අයට පාටි එකකට යන විදිහ වුණත්, පන්සලකට යන විදිහ වුණත් උගන්වන්නෙ ඒ කියන රසික පිරිස.

හැබැයි ඒ අයිට තේරෙන්නෙ නෑ, මේ විදිහට ඒ අය 'පාලනයට නතු කරගන්න' හදන්නෙ, තවත් කෙනෙක්ගේ 'පුද්ගලික ජීවිතය' කියලා.

ඡායාරූපය සමාජ මාධ්‍යයෙන්ඡායාරූපය සමාජ මාධ්‍යයෙන්

ආදිත්‍යගේ රූප සෝබාව වර්ණනා කරපු හැම කෙනාටමත් 'ආදිත්‍යාගෙ නව පෙනුම' ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඡායාරූපය සමාජ මාධ්‍යයෙන්

ආදිත්‍යට ආදරේ කරපු, ආදිත්‍යගේ හඬට ප්‍රිය කරපු, ආදිත්‍යගේ රූප සෝබාව වර්ණනා කරපු හැම කෙනාටමත් 'ආදිත්‍යාගෙ නව පෙනුම' ප්‍රශ්නයක් වෙලා තිබුණා.

ඒක නිසාම ඒ අය, ආදිත්‍යාගේ ඡායාරූපය හැකි උපරිමයෙන් විවේචනය කරලා තිබුණා. ඇයව පහත් කරලා තිබුණා. ඇයව 'මෙලෝ රහක් නැති එකියක්' බවට පත්කරලා තිබුණා.

Adithya Waliwatta FB PageAdithya Waliwatta FB Page

දිරච්ච බැරල්/ ලෑලිපලු ටිකකුයි, ගෑනු නැති කමට ඒ වගේ කබල් බැරල් වලට කරගහලා ඒ පීඩනෙන් ඉන්න පරන බැරල් එකතුකරන පිරිමි ටිකකුයි ෆෝම් වෙලා. Adithya Waliwatta FB Page

නමුත්, ආදිත්‍යව වරුණා කෙරූ ආදිත්‍යා වෙනුවෙන් පෙනී හිටපු රසික පිරිසකුත් ඒ අතර හිටියා.

ඒ සියලු දෙනා ආදිත්‍යා වෙනුවෙන් සටන් කරලා තිබුණා.

මේ තියෙන්නෙ අපිට අහම්බෙන් හම්බුණ ඒ විදිහේ කමෙන්ටුවක්.

"දිරච්ච බැරල්/ ලෑලිපලු ටිකකුයි, ගෑනු නැති කමට ඒ වගේ කබල් බැරල් වලට කරගහලා ඒ පීඩනෙන් ඉන්න පරන බැරල් එකතුකරන පිරිමි ටිකකුයි ෆෝම් වෙලා. කැතම සීන් එක කියන්නේ, 18න් බැදලා ආදිත්‍යාගෙ වයසෙදි පලවෙනි එකාව වදලා 22-23 වෙනකොට ලමයි දෙක තුනකුත් හදපු එකියක් පහල කමෙන්ට් එකක් දාලා මේකිට ගායලු!!"

Adithya Waliwatta FB PageAdithya Waliwatta FB Page

මේක ආදිත්‍යාට එල්ල වුණු පළවැනි ප්‍රහාරය නෙවෙයි. Adithya Waliwatta FB Page

මේක ආදිත්‍යාට එල්ල වුණු පළවැනි ප්‍රහාරය නෙවෙයි. මීට කලින් 'අසැබි වීඩියෝ පටයක්' (මෙය ඇගේ නොවන බවට පසුව ඔප්පු වුණා.) ඇගේ වග පවසමින් ඇයව පතුරු හරින්නට මුහුණු පොතේ බොහෝ දෙනා කටයුතු කර තිබුණා.

එවැනිම වූ 'පීඩනයකින්', එවැනිම වූ 'මානසික තත්ත්වයකින්' ඇය මේ මොහොතෙත් ඉන්නවා වෙන්න පුළුවන්.

ඒ වග හිතුණේ ඇය මොහොතකට පෙර ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණු ඡායාරූපයක් නිසා.

'ගැහැනියකගේ කුසේ වැඩිලා, පෙකනි වැල කඩාගෙන, යෝනියෙන් එළියට ඇවිත්, දෙතනේ කිරි බීලා අතපය වාරු කරගත්ත පිරිමියෙක්, ගැහැනිය පහත් කොට සලකයි නම් ඔහු වැරදීමකින් මිනිසත් බව ලැබූවෙකි.' (ආදිත්‍යගේ මුහුණු පොතේ පළව තිබූ සටහන)

Adithya Waliwatta FB PageAdithya Waliwatta FB Page

ආදිත්‍යගේ මුහුණු පොතේ පළව තිබූ සටහන Adithya Waliwatta FB Page

ආදිත්‍යා තමන්ගේ ගායන හැකියාව තුළත් සුවිශේෂී වෙනස්කම් කරපු කෙනෙක්. ඒ සීමා මායිම් කඩන්න ලංකාව වගේ රටක අමාරුයි. හැබැයි ඇය ඒ අසීරු අභියෝගය භාර ගන්නවා.

සමහරවිට මේ කියන 'නව පෙනුම'ත් තමන්ට බොහෝ පිරිසක් 'අවි ඔසවන්න' පාවිච්චි කරාවී කියලා ඇය දැන ඉන්නත් ඇති.

මේ කතාව අවසන් කරන්නෙ තවත් එකම එක කමෙන්ටුවකින්.

"තැනට ගැළපෙන විදිහට එයා ඇඳගෙන ඉන්නවා නම්, කිසිම කෙනෙක්ට මනුස්සයෙක් විවේචනය කරන්න අයිතියක් නෑ. මොකද මේ කෙල්ල මේ පන්සල් ගිහින් නෙවෙයි, පාටියකට ගිහින් තියෙන්නෙ"

මුහුණු පොතෙන් උපුටා ගත් සටහනක්මුහුණු පොතෙන් උපුටා ගත් සටහනක්

මේ කෙල්ල මේ පන්සල් ගිහින් නෙවෙයි, පාටියකට ගිහින් තියෙන්නෙ ! මුහුණු පොතෙන් උපුටා ගත් සටහනක්