'ලොවම හඬා කියාවී ! ලොවම නිගා දෙවාවී ! අපට අපේ ලොවේ දී !! එය ද මිහිරි වේවා !!': පිළිගන්න නැවතත්! මේ සතියේ බුකියේ ජනප්‍රියතම තාරකාව. 'ශලා' (දෙනෝදාහක් හඬවා ඈ දීග ගියාය!)

MonaraMonara

'ලොවම හඬා කියාවී ! ලොවම නිගා දෙවාවී ! අපට අපේ ලොවේ දී !! එය ද මිහිරි වේවා !!' Shalani Tharaka

'වෙඩින් එකක්' කට ළඟ තියාගෙන..... ඉවරයක් නැති 'මඩ ගොහොරුවක්' ඇතුළේදි වුණත් 'ශලා'ට මේ 'විප්ලවය' කළ යුතුව තිබුණා. (ඒ තමයි එයාගේ දෛවය!!)

'රිදුම් කනවා' වුණත් ඉවසා වදාරා හිටපු 'ශලා කෙනෙක්' මොහොතකට කලින් දීග යනවා. ඒ එයාගේ ලස්සනම දවස.

'ශලා'ගේ ආදර කතාව වගේම 'ශලාගේ පෙම්වතා' කවුද කියන එකත් ලෝකෙට රහසක් වෙලා තිබුණා.

ඡායාරූප සමාජ මාධ්‍යඡායාරූප සමාජ මාධ්‍ය

රහසක්වතිබූ ශලාගේ පෙම් කතාව හෙළි වූ හැටි. ඡායාරූප සමාජ මාධ්‍ය

හැබැයි ඒ ගැන කියන්න හරි... ඒක දැන කියාගත්තට පස්සෙ 'ශලා''හිරිහැර කරන්න' හරි බොහෝමයක් උනුන් 'මාන බලමින්' හිටියා.

ඒත් මොකද්දෝ අවාසනාවකට කාටවත් ඒ කවුද කියලා 'නිශ්චිත' වශයෙන් හොයාගන්න බැරිවුණා. ඒ 'රහස' ප්‍රණා සේ රකින්න 'ශලා' පොරොන්දු වෙලා තිබුණා.

ඡායාරූප සමාජ මාධ්‍යඡායාරූප සමාජ මාධ්‍ය

ඉතින් අවසානයේ ශලා 'දීග' ගියා ය ! ඡායාරූප සමාජ මාධ්‍ය

'ආදරෙන් දුක් විදපු හැම කෙල්ලෙකුටම හම්බවෙන්න ඕනි

ඔයා වගේ කොල්ලෙක්..

අඩන්න හේතු දාහක් තියෙද්දි

හිනා වෙන්න එක හේතුවක් දිලා

හිත සනසන ඔයා වගේ පිරිමියෙක්..

තරහගන්න දේවල් ඇස්දෙකට පෙනෙද්දි

ඉවසන්න උගන්නපු

භාවනාවක් වගේ කොල්ලෙක්..

අත නොතියපු නාමල් හැමෝම හොයද්දි

කටුපිරිනු රෝසමලකට වටිනාකමක් දෙන

හිතහයිය පිරිමියෙක්..

මිනිස්සු දාහක් ගල් ගහද්දි

නොසෙලවී රැකගත්ත

ඔයා වගේ පිරිමියෙක්...

අවුරුදු තුනක් පුරාවටම හැමදාම මට හිනාවෙලා ඉන්න හේතු දුන්නට, ඇත්ත ආදරේ මොකක්ද කියලා ඉගැන්නුවට, ඒ විස්වාසයට,ඉවසීමට ,කවදාවත් ඇහැට කදුලක් නොදුන්නට ස්තූතියි මැණික.!!

ඇත්තමයි ආදරෙන් අසීමාන්විතව දුක් විදපු හැම ගැහැනියකටම අවසානයේ හරි සැනසෙන්න හමුවෙන්න ඕනි ඔයා වගේ පිරිමියෙක්.

අපි අපේම වෙන්න තව ටික දවසයි.

ඔයාව මට හම්බ වුනාට හැමදාම මං දෙවියන්ට ස්තූති කරනවා.

#mysugardaddy' (ශලාගේ ෆේස්බුක් සටහනක්!!)

Shalani Tharaka FB PageShalani Tharaka FB Page

ශලාගේ 'බ්‍රයිඩ් ටු බී' පාර්ටි එකේ ඡායාරූපයක්. Shalani Tharaka FB Page

ශලා දැන් 'බිරින්ඳෑ' කෙනෙක්. ඈ මේ තරම් ඉක්මණ‍ින් 'මනාලියක්' වෙලා 'භාවනාවක් වගේ කොල්ලෙක්' එක්ක ජීවිතේ ලස්සන ම දවස් ගත කරන්න යනවා.

මේ සුබ පැතුම 'ශලා'ට මොනරා ගොසිප් අපෙන්!! සුබ මංගලම් ශලා !!