දිවිගමන නිමකළ සීයා ගැන ආලියාගෙන් සංවේදී සටහනක්: සීයාගේ මතක ආවර්ජනය කරමින් ආලියා විසින් සීයාගේ 92 වන උපන්දින සාදයේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු කරගෙන තිබුණා.

MonaraMonara

ඡායාරූප : pinkvilla

Colombo (Monara) June 03 - ගෙවුණු බ්‍රහස්පතින්දා භාත් පවුලෙන් දුක්බර ආරංචියක් අහන්න ලැබුණා.

ඒ ආලියා භාත්ගේ සීයා එහෙමත් නැත්නම් සෝනි රස්දාන්ගේ පියා නරේන්ද්‍රනාත් රස්දාන් (Narendranath Razdan) මියගිය පුවතයි.

ඔහුගේ වියෝව පිළිබඳව සිය රසික රසිකාවියන් දැනුවත් කරමින් ආලියා සමාජ මාධ්‍ය ඔස්සේ ශෝකය ප්‍රකාශ කර තිබුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ඇගේ සීයා දින කිහිපයක් මුම්බායි රෝහලකට ඇතුළත් කර සිට ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය බරපතල වූ බවයි වාර්තා වන්නේ.

සීයාගේ මතක ආවර්ජනය කරමින් ආලියා විසින් සීයාගේ 92 වන උපන්දින සාදයේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු කරගෙන තිබුණා.

එමෙන්ම ඇය මෙලෙස ශෝකී සටහනක් ද තබා තිබුණා...

“My grandpa.

My hero Played golf till 93,

Worked till 93,

Made the best omelette,

Told the best stories,

Played the violin,

Played with his great granddaughter,

Loved his cricket,

Loved his sketching,

Loved his family & till the very last moment..

loved his life!

My heart is full of sorrow but also full of joy .. because all my grandpa did is give us joy & for that feel blessed and grateful to have been brought up by all the light he had to give!

Until we meet again."