චිකන්වලින් වැඩ පෙන්නන, රාජගිරියේ "අකුරු තුනේ" සුපිරි අවන්හලෙන් මිනිස්සුන්ට "කුණු චිකන්" කවලා: "උඩින් සුවඳ උතුරන - යටින් ගඳ වැක්කෙරෙන චිකන්"! "කාපු අයට දෙයියන්ගේම පිහිටයි" (ඡායාරූප සහිතයි)

MonaraMonara

චිකන්වලින් වැඩ කෝටියක් පෙන්වන ලෝකෙ ජනප්‍රියම අවන්හල් ජාලයක් තියෙනවානෙ. ඉතිං අපේ රටෙත් මේ අවහන්හල් ජාලය හරිම ජනප්‍රියයි. ලෝකෙ අනිත් රටවල මිනිස්සු මේවා "බජට් කෑම" විදිහට හැඳින්වුවාට, අපේ රටේ අයට නම් මේවා කන්න පුළුවන් අතේමිටේ සල්ලි වැඩිපුර තියෙන වෙලාවට විතරයි.

කොහොමින් කොහොමහරි, ඊයේ (18) දිනයේ මේ අවහන්හල් ජාලයේ outlet එකෙන් "චිකන් බකට්" ගත්ත පිරිසකට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ හරිම අප්‍රසන්න අත්දැකීමකට. ඒ අත්දැකීමට මුහුණ දුන්න චාමර මධුසංක කියන තරුණයා Facebook එකට එකතු කරලා තිබ්බෙ මෙහෙම සටහනක්.

"Spoiled Chicken bucket offer at *** Sri Lanka , Rajagiriya outlet! අද දවසේ අකුරු තුනේ චිකන් වැඩ කෝටියක් කරන *** රාජගිරිය outlet එකෙන්, සියළුම customersලට නරක්වෙච්ච, ගඳගහන chicken bucket , buy one get one offer එකක් තියෙනවා! 🙂 අපිත් online order කලාම ගෙදරටම ගෙනත් දුන්නේ, උඩින් සුවඳ උතුරන, යටින් ගඳ වැක්කෙරෙන chicken ටිකක්! වැඩි වෙලා නොගෙන, Pitakotte MOH එක දැනුවත් කරලා, අදාල samples එක්කම PHI officers ලා තුන් දෙනෙක් එක්ක Rajagiriya *** එකට ගියා. යනකොට, තව customersලා 10 දෙනෙක් විතර, නරක් වෙච්ච chicken bucket අරගෙන එතන මට complaint කරන්න ඇවිල්ලා හිටියා! ඉතින් PHI නිළධාරීන් තුන් දෙනා ,*** රාජගිරිය outlet එකේ, Freezers ඔක්කොම seal කරලා, spoiled samples ,seal කරලා , MRI එකට යොමු කරලා,නඩුවකුත් file කරන්න අදාල සියලුම කටයුතු කලා (කොයි තරම් දුරට ඒක වෙයිද කියලා අපි බලමු!) සියලුම customers ලාගේ මුදල් refund කරගත්තේ සද්දෙන් කතා කරලා 😂 (*** local franchisee එකේ HR එකේ කවුරුහරි ඉන්නවනම්, full video evidence දෙන්නම් එයාලගේ customer care ගැන 🙃) International food chain එකක, food safety and quality මෙහෙම නම්, අනිත් තැන්වලින් කන අපිට අයියනායක දෙයියන්ගේම පිහිටයි! 😎

#***srilanka #spoiledchicken #disgustingbusiness

ප.ලි. සම්පූර්ණ සිද්ධියම පැයක video එකක්. සාක්ෂි විදියට තියාගන්න ඒක ගත්තු නිසා , upload නොකරන්න තීරණය කලා."

( උපුටා ගැනීම : Chamara Madusankaගේ Facebook පිටුවෙන් )

අදාළ සටහන පහතින් :-

MonaraMonara

MonaraMonara

MonaraMonara