'මහතටනේ ඉන්නෙ එයා.. හොයන්න බෑ.. අනියම් මඟුලක් හින්දනේ යන්න ඇත්තේ, ගෑනි දැන් නෑ!': නොමේරූ ළඳරු ඒකකයක 'පුංචි පැටියෙක්' අතෑර ගිය 'අම්මාගෙ' ඇත්තම කතාව එළියට! 'කලින් කසාදේ ළමයි හතරයි!!' (ඡායාරූප)
'පුංචි පුතෙක් දෙව් සමුඳුනි අපට දියෝ!!' කියලා 'ප්‍රාර්ථනා' පොදි ගහන රටක....දැන් දැන් 'පිළිසිඳගනීවි' කියන ලෝබ හිතෙන හැඟීමකින් 'කුස' අත ගාලා බලන මොහොතක... ඒ 'මහමේරූ පර්වතය' ගැන තැකීමක් නොකර, උන්ව මේ මහපොළවට එන්න කලින් 'තොර කරන්න' හදන 'අම්මලා' ද නැතුවාම නොවෙයි.
පසුගිය දිනෙක ඒ විදිහේ 'අදහාගත නොහැකි' කතාවක් අපිට අහන්න ලැබුණා.
ඒ, 'නොමේරූ ළඳරු ඒකකයක' සිටි බිළිඳා අතැර දමා 'පලා ගිය' අම්මා කෙනෙක් ගැන.
ඈ 'කෙහෙල්වතුගොඩ' ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37ක් වයස කාන්තාවක්.
ඇය 'පොල්ගහවෙල - ගොඩකවෙල' ප්‍රදේශයේ නිවසක 'කාමරයක්' කුලී පදනම මත ගෙන පදිංචිව සිට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නෙ. (ඒ ආසන්නයේ හෝටලයක ද ඈ සේවය කර තිබෙනවා...)
ඇය 'කුලියට' සිටි නිවසේ 'හිමිකාර කාන්තාව' මේ සම්බන්ධයෙන් තොරතුරු කියා තිබුණා.
'රුපියල් 5000කට මේ කාමරේ හිටියේ... සූර්යාගේ (හොටෙල් හිමියා) හොටෙල් එකේ තමා වැඩ කළේ. එයාගේ කීමට මෙයාව ගත්තෙ... මාස එකහමාරක් හිටියා. ඒ මාසේ සල්ලි ඉල්ලනකොට ගෑනි අතුරුදහන් වුණා. ආයෙ මේ පැත්ත පළාතේ ආවේ නෑ....'
ඇගේ 'දරු ගැබ' ගැන 'නිවෙස් හිමි' කාන්තාව මේ විදිහේ කතාවක් කියලා තිබුණා.
'මහතටනේ ඉන්නෙ එයා.. හොයන්න බෑ... මට කිවුවා, නැන්දේ මම 16 රට යනවා කියලා.... අනියම් මඟුලක් මොකක් හරි හින්දා වෙන්න ඇතිනේ එතැනට ඇවිත් තියෙන්නෙ...'
මෙම කාන්තාව 'දෙසැම්බර් 18' වැනි දින දරු ප්‍රසුතිය සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් වී තිබුණා.
ඇය එදින රාත්‍රීයේ 'පිරිමි දරුවෙකු' ප්‍රසූත කර ඇති අතර, 'අඩු බර දරු උපතක්' නිසාවෙන්, දරුවාව 'නොමේරූ ළඳරු ඒකකය'ට ඇතුළත් කර ඇති බැව් සඳහන්.
කාන්තාව රෝහලෙන් පැන යන්නෙ දෙසැම්බර් 22 වැනි දිනයි.
ඇයව රෝහලට ඇතුළත් කර ඇත්තේ, ඇය සේවය කළ හෝටලයේ 'හිමිකරු' බවයි පොලිස් විමර්ශනවලදි අනාවරණය වී ඇත්තේ. (මෙම පුද්ගලයාද ජනවාරි 17 වැනිදා ඩුබායි රාජ්‍ය වෙත පිටව ගොස් තිබෙනවා....)
ඒ අතරතුර 'නොමේරූ ළඳරු ඒකකයේ' සිටි ඇගේ දරුවා උපත ලබා 'දින 8කට පසු' මියගොස් ඇති බැව් සඳහන්.
පොලිසිය දැන් 'සැක පහළ' කරන්නෙ මෙම කාන්තාවත්, හෝටල් හිමිකරුත් (සැක කරන්නෙ පියා මොහු වන්නට ඇති බවයි..) යම් ආකාරයක 'ගබ්සාවක්' සිදු කිරීමට උත්සාහයක් ගෙන ඇති බවයි.
මෙම 'සැකකාර කාන්තාව'ට පෙර විවාහයෙන් දරුවන් 'සිව් දෙනෙක්' සිටින බවත්, ඇය එම පවුලද අතෑර පැමිණ ඇති බවත් සඳහන්.
ඉතින් 'මහා ධර්මදීපයක්' ලෙසින් උදම් අනන අපේ රටේ මෙවැනි වූ අවාසනාවන්ත සිදුවීම් සිදුවීම කොයි තරම් ඛේදාන්තයක්ද?