'කාගෙවත් අවධානය ගන්න නෙවෙයි මේ.. මානසික විකෘතිතාවයක් පාවිච්චි කරලා කතා කියන්න එපා.! ආසාවට කළා!': හැදුණොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි, 'දිව කපන' පිස්සුව! (තැති ගන්වන සුළුයි!!)

MonaraMonara

'කාගෙවත් අවධානය ගන්න නෙවෙයි මේ.. මානසික විකෘතිතාවයක් පාවිච්චි කරලා කතා කියන්න එපා.!!' Tattoo

'අවධානය' පිණිසම නොවෙයි කියලා කිවුවා වුණත්.... 'අවධානය' පිණිසම වුණු 'අමුතු දේ' කරන උනුන් මේ 'පාරාදීසය' ඇතුළේ නැතුවාම නොවෙයි.

වතාවක් ඒ විදිහට 'කොකුවලින්' එල්ලුණු, සුරූපී තරුණියක් (ඇය පියුමි සෙව්වන්දි) බොහෝම ඉක්මණින් සමාජ මාධ්‍යයේ අවධානය දිනාගත්තා.

යම් 'ආගමික කටයුත්තක්' වෙනුවෙන් කියලා 'අනුමාන කිරීමක්' කළා වුණත් සත්‍ය වශයෙන්ම ඇය තමන්ගේ 'තනි කැමැත්තට', අත්හදා බැලීමක් විදිහට මේ දේ කරලා තිබුණා.

මේ 'යෝධ කොකු' ඇගේ ශරීරයට 'අලවලා' ඈ ඒවා ආධාරයෙන් 'ආකාසේට'ත් නැඟ තිබුණා. (හුඟක් උනුන් බය බිරාන්ත වුණා වුණත්... ඈ නම් කිවුවේ, මේ දේ කළේ නිසි මාර්ගඋපදේශනයක් ඇතුව කියල යි...)

ඡායාරූප මුහුණු පොතෙන්ඡායාරූප මුහුණු පොතෙන්

කෑමෙන් බීමෙන් කතාවෙන් පරිස්සම් වෙන්න ඕනී එච්චරයි. මම හොදින් ! ඡායාරූප මුහුණු පොතෙන්

'පියුමි සෙව්වන්දි' අනතුරුව තවත් අතිශය 'අවදානම් සහගත' කටයුත්තක් සිදු කර තිබුණා. ඒ ඇගේ 'දිව දෙකඩ' කරපු එක.

මේක දකින කෙනෙකුට බොහෝම 'පිළිකුල් සහගත' එකක් වුණත්, (තවත් උනුන්ට අනුව මානසික විකෘතිතාවයක් වුණත්...) ඈ නම් කිවුවේ ඒක කළේ 'ආසාව' සංසිඳුවීම පිණිස ම විතරක් කියලයි.

ඒ වගේම ඒ 'ලැයිස්තුවේ' ඉන්න එකම කෙනා 'ඈ' නොවන වගත් අපි දැන කියාගත්තා.

'Tongue splitting ආසවට කරා එච්චරයි ,කාගෙවත් අවධානයක් ගන්න පිනිස නෙවෙයි මේ ,මානසික විකෘති තාවයක් මදව්‍ය පාවිච්චි කරලා මේ වගේ කතා කියන්න එපා ,මේ ක මගේ ආසාවක් ,සාමාන්‍යයි අපි රෝහලට ගිහින් DR කෙනෙක්ව හම්බෙලා සැත්කමක් කරා වගේ තමයි හිරිවැටෙන්න බෙහෙත් ගහලා මාත් මේ දේ කරේ නිසියාකාරව මේ ගැන අවබෝධයකින් යුතු දැනුමත් ඇති ටැටූ කලාවේ ප්‍රවීනයෙකු වන SajeeTattoo සමග සම්බන්ධ වෙලා ,කිසිදු කෙනෙක් මේ දේ කරන්න යන්න එපා අවබෝධයක් දැනුමත් නැති නූතනයන් ගාවට ගිහින් ,Body modification හැමෝටම බෑ මේවා , මේ දෙයින් පසූ ටික දවසක් යනකම් කතා කරන්න හොදනෑ තුවාලය වේලෙනකම් ,හැබැයි කන්න බොන්න කතා කරන්න පෙර පරිදිම පුළුවන් තුවාලය වේලුනාට පසුව එතකන් කෑමෙන් බීමෙන් කතාවෙන් පරිස්සම් වෙන්න ඕනී එච්චරයි .මම හොදින්' (පියුමි සෙව්වන්දි මුහුණු පොතේ තැබූ සටහනක්..)

ඡායාරූප මුහුණු පොතෙන්ඡායාරූප මුහුණු පොතෙන්

කිසිදු කෙනෙක් මේ දේ කරන්න යන්න එපා අවබෝධයක් දැනුමත් නැති නූතනයන් ගාවට ගිහින් ඡායාරූප මුහුණු පොතෙන්

කවුරු කොහොම කිවුවා වුණත්, (කොටින්ම ඇතමුන්ට අනුව මානසික විකෘතිතාවයක් වුණත්...) මේ දේට ආසාවෙන් ඉන්න 'හුඟක් උනුන්' ඉන්න බව අපිට තේරුණා.

'දිව දෙකඩ කිරීම' නොහොත් 'දිව බෙදීම' සාමාන්‍යයෙන් බටහිර රටවල හඳුනා ගැනෙන්නෙ Tongue splitting නමින්. (මේක පළපුරුදු නොමැති අයෙක් සිදු කළහොත් විවිධ සංකූලතා ඇතිවන්නත් පුළුවන්. ඒ කියන්නෙ ඒක අතිශය විශාල අවදානමක්...)

ඡායාරූප මුහුණු පොතෙන්ඡායාරූප මුහුණු පොතෙන්

මේ ක්‍රියාව 'විවේචනය' කරමින් තමයි බොහෝ දෙනෙක් 'අදහස්' පළ කර තිබුණේ. ඡායාරූප මුහුණු පොතෙන්

කොහොම වුණත්....

මේ ක්‍රියාව 'විවේචනය' කරමින් තමයි බොහෝ දෙනෙක් 'අදහස්' පළ කර තිබුණේ. ඒක කොයි තරම් හොඳ 'ශරීර අලංකරණයක්' වුණත්, බොහෝ දෙනෙක් ට අනුව 'පිළිකුල් සහගත' දෙයක්.