'හරුන් ලන්ත්‍රා මගේ සීයා, එයා නැතිවෙනකොට මම හුඟක් පොඩියි. සීයා එක්ක ළඟින් ඉන්නවත් බැරිවුණා!': ප්‍රේක්ෂකාගාරයක් මංමුළා කෙරූ පුංචි එකියක්! ඈ 'හනා'.... 'මං ඉතින් කොටට අඳිනවා!'

MonaraMonara

'හරුන් ලන්ත්‍රා මගේ සීයා, එයා නැතිවෙනකොට මම හුඟක් පොඩියි. සීයා එක්ක ළඟින් ඉන්නවත් බැරිවුණා!' Hana Shafa

ඈ 'හනා ෂාෆා'.... ඈටම අනන්‍ය 'විලාසිතාවකින්' ගී ගැයූ ඈ බොහෝම ඉක්මණින් 'ප්‍රේක්ෂක ආකර්ශනය' දිනාගන්නවා. ඉන් එහා..... ඇගේ 'ප්‍රේක්ෂකාගාරය' පුදුමාකාර විදිහට ඈට 'සමීප වෙන්න' ගන්නවා.

'හනා' කියන්නෙ පුංචි කෙල්ලක් වුණත් ඈ මේ කරන්න ගන්න 'විප්ලව කොටස' බොහෝමයක් උන්ට 'මැජික් එකක්' වුණා.

හනාගේ 'විස්මකර්ම' ඉස්සරහා ඈට 'මඩ ගහපු', ඈව 'විවේචන කරපු' පිරිස් ද නොසිටියා නොවෙයි.

Hana Shafa FB PageHana Shafa FB Page

සීයා එක්ක එහෙම සමීපව ඉන්න කාලයක් නම් හම්බුණේ නෑ... Hana Shafa FB Page

ඒ වගේම...... 'හනා' ප්‍රවීණ ගායක 'හරූන් ලන්ත්‍රා'ගේ මිණිබිරියක් බැව් ගොඩක් අය දන්නෙ නැහැ. ඈ මෑතක රූපවාහිනියේ 'වැඩසටහනකට' එක්වෙමින් ඇගේ 'සීයා' ගැන මතක මේ විදිහට අවදි කළා.

'මට ඇත්තටම අයිඩීයා එකක් තිබුණේ නෑ. සීයා නැතිවෙනකොටත් මම හුඟක් පොඩියි. අයියලා නම් සීයාලට ළඟයි. සීයා එක්ක එහෙම සමීපව ඉන්න කාලයක් නම් හම්බුණේ නෑ.....'

'අපි ගෙදර හැමෝම වගේ සිංදු කියනවා. හැමෝටම ලස්සන වොයිසස් තියනවා. අක්කායි අම්මායි අයියායි තමයි මුල ඉඳන්ම මාඑක්ක හිටියේ..'

Hana Shafa FB PageHana Shafa FB Page

සීයා නැතිවෙනකොටත් මම හුඟක් පොඩියි. අයියලා නම් සීයාලට ළඟයි. Hana Shafa FB Page

'හනා'ගේ විලාසිතා එහෙමත් බොහෝමයක් වෙලාවට 'සමාජ මාධ්‍ය' තුළ කතාබහට ලක්වනවා.

ඒ ගැන හනාට තියෙන්නෙ මෙහෙම අදහසක්......

Hana Shafa FB PageHana Shafa FB Page

ඒක ගැන හිතන් නෑ... ෆැෂන් කරද්දි ඉතින් දිගට අඳිනවා, කොටට අඳිනවා... Hana Shafa FB Page

'මම අලුත් දෙයක් කරන්නයි නිතරම උත්සාහ කරන්නෙ. මට කරන්න පුළුවන් අලුත් දේ මං කරනවා. ඒක ගැන හිතන් නෑ... ෆැෂන් කරද්දි ඉතින් දිගට අඳිනවා, කොටට අඳිනවා... එහෙම තියනවනේ... මං හරි ආසයි ෆැෂන් කරන්න...'