ලෝක ගුවන්විදුලි දිනය අදයි: මෙවර තේමාව දැනුවත් කිරීම, විනෝදාස්වාදය හා අධ්‍යාපනය ලබාදීම
මාධ්‍ය ලෝකයේ වෙනස්ම හැඩයක් ශ්‍රාවකයන් වෙනුවෙන් එක් කරන මාධ්‍යක් තමයි ගුවන්විදුලිය එහෙමත් නැත්තම් රේඩියෝව කියන්නේ.
රේඩියෝව අහන වෙනම පිරිසක් ලෝකයේ ඕනෑම තැනක ඉන්නවා.
ඉතින් අද තමයි රේඩියෝවේ දවස ඒ කියන්නේ ලෝක ගුවන්විදුලි දිනය.
සෑම වසරකම පෙබරවාරි 13 වන දින ලෝක ගුවන්විදුලි දිනය ලෙස ලොව පුරා සමරනු ලබනවා.
මෙවර මෙහි තේමාව වන්නේ දැනුවත් කිරීම, විනෝදාස්වාදය හා අධ්‍යාපනය ලබා දීමයි.
1909 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාග හිමිකරගත් ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි තමයි ගුවන් විදුලියේ නිර්මාතෘ වෙන්නේ.
රැහැන් රහිත විදුලි සන්දේශ ක්‍රමයක් නිර්මාණය කිරීම ප්‍රථමයෙන්ම සිදුකර ඇත්තේ ඔහුයි.
2010 වසරේ සැප්තැම්බර් මාසයේදී ස්පාඤ්ඤ ගුවන්විදුලි ඇකඩමිය ලෝක ගුවන් විදුලි දිනය පිළිබද යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කර තිබෙනවා.
2012 වසරේදී ලෝක පළමු ගුවන්විදුලි දිනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් සමරනු ලැබුවා.
ඒ ගුවන්විදුලි යන්ත්‍රය සොයාගෙන වසර 118කට පසුව.
රේඩියෝව නව නිපැයුමේ සිට ඉතා වැදගත් මාධ්‍යයක් වී තිබෙනවා.
දේශසීමා ඉක්මවා යන සහ සමාජ ආර්ථික තත්ත්වය නොසලකා විවිධ ප්‍රේක්ෂකයින් වෙත ළඟා වීම මෙයින් සිදුවෙනවා.
මේ වන විට තාක්ෂණික දියුණුව සමඟ යම් පසුබෑමකට රේඩියෝවට ලක් වීමට සිදු වූවත් ඊට අවශ්‍ය ලෙස තාක්ෂණය සමඟ හැඩ ගැසීමට රේඩියෝ කලාව සමත්ව තිබෙනවා.
ගුවන්විදුලිය ඩිජිටල්කරණයට ප්‍රවේශය තවත් පුළුල් කර ඇති නිසාම online සහ Podcasting විකාශනයන් පුළුල් කරමින් මේ වන විට විකාශන කටයුතු සිදුකිරීම් කරනවා.
මෙරට ගුවන්විදුලි ඉතිහාසයට මේ වන විට දශක දහයකට අධික කාලයක් පමණ වනවා.
ජන හදවත්වලට ගුවන්විදුලිය සමීප වූයේ රසාස්වාදය මෙන්ම දැනුම ද සපයමින් නිසා, තවමත් රේඩියෝ කලාව ජනප්‍රියයි.