පැය 58ක් පුරාවට සිපගෙන වාර්තා තැබූ දිගම හාදුවේ ගිනස් වාර්තාවට වැට බැඳෙයි !: හාද්ද පටන් අරන් තියෙන්නෙ 2013 පෙබරවාරි 12. එතැන් සිට දින දෙකකට පස්සෙ, ඒ කියන්නෙ වැලන්ටයින් දා තමයි හාද්ද ඉවර වෙලා තියෙන්නෙ.

MonaraMonara

ඡායාරූප : guinnessworldrecords.com

දෙන්නද හාදුවක්.

හැබැයි නිකන් හාද්දක් නෙවෙයි, ගිනස් පොතේ නම ලියවෙන විදියෙ හාද්දක්.

ඒකට දැන් පරක්කු වැඩියි ඉතින්.

මොකද ගිනස් කමිටුව විසින් දීර්ඝතම හාදුව (longest kiss) සඳහා වන ගිනස් වාර්තාව අත්හිටුවලා කියලයි ආරංචි. ඇයි එහෙම වුණේ. එහෙම අවලංගු කළාට පස්සෙ මොකද වෙන්නෙ.

මේ කියන්න යන්නෙ අන්න ඒ කතාව තමයි.

ඡායාරූප : bing.comඡායාරූප : bing.com

ඡායාරූප : bing.com

දීර්ඝතම හාදුව කියන්නෙ පැයකින් දෙකකින් ඉවර වෙන හාදුවක් එහෙම නෙවෙයි. ඒක කොච්චර දීර්ඝ එකක් ද කිව්වොත්, මෙතෙක් පැවති දීර්ඝතම හාදුව පැය 58 විනාඩි 35ක් පැවති එකක් !!

ඉතින් හිතාගන්න පුළුවන් නේද මේක කොහොම වාර්තාවක් ද විත්තිය.

ඔය විදියට පැය 58 විනාඩි 35ක් පුරාවට පැවති හාද්දට හිමිකම් කියන්නෙ තායිලන්ත යුවලක් වන Ekkachai සහ Laksana Tiranarat යන දෙන්නා.

තරගය පැවැත්වී ඇත්තේ තායිලන්තයේ පතායාහිදී (Pattaya).

හාද්ද පටන් අරන් තියෙන්නෙ 2013 පෙබරවාරි 12. එතැන් සිට දින දෙකකට පස්සෙ, ඒ කියන්නෙ වැලන්ටයින් දා තමයි හාද්ද ඉවර වෙලා තියෙන්නෙ.

ජෝඩු නවයක් තරග කරන්න ඇවිත් තිබුණත්, අවසානයේ දිනුම අරන් තිබුණේ තායිලන්ත යුවළ. දෙන්නට මුදල් ත්‍යාගයක් වගේම දියමන්ති මුදු දෙකක් ද ලැබුණු බවයි විදෙස් වාර්තාවල සඳහන් වෙන්නෙ.

ඡායාරූප : guinnessworldrecords.comඡායාරූප : guinnessworldrecords.com

ඡායාරූප : guinnessworldrecords.com

කොහොම නමුත් මේ තරග ඛාණ්ඩය අක්‍රීය කළ බවයි ගිනස් කමිටුව සඳහන් කරන්නෙ.

ඊට හේතු විදියට ඔවුන් පෙන්වා දෙන්නෙ තරඟය ඉතා භයානක වී ඇති නිසාවෙන් අක්‍රීය කළ බවක්. ඒ වගේම ඇතැම් තරග නීති වත්මන් යාවත්කාලීන ප්‍රතිපත්ති එක්ක ගැටෙන බවයි සඳහන්.

දීර්ඝතම හාදුව ආවට ගියාට දෙන්න පුළුවන් එකක් එහෙම නෙවෙයි. ඊට නීති කිහිපයක් ම තියෙනවා.

මේ හාදුව අඛණ්ඩ විය යුතු අතර තොල් සෑම විටම ස්පර්ශ විය යුතුයි. ඒ කියන්නෙ අතරමැදදි තොල් එකිනෙක වෙන් වුණොත් යුවළ වහාම තරගයෙන් ඉවත් වෙනවා.

උත්සාහය අතරතුර තරඟකරුවන්ට ආධාරකයකින් දියරමය ආහාර ගන්න පුළුවන්. හැබැයි තොල් වෙන් නොවිය යුතුයි.

විශේෂම දේ තමයි යුවළ සෑම විටම අවදියෙන් සිටිය යුතුයි.

උත්සාහය අතරතුර තරඟකරුවන් නැගී සිටිය යුතු අතර කිසිදු ආධාරකයක් සහිතව නොසිටිය යුතුයි.

විවේකයකට අවසර ඇත්තේම නෑ.

වැඩිහිටි නැපි/ඩයපර් (Adult nappies/diapers) හෝ නොගැළපෙන සනීපාරක්ෂක තුවා පැළඳීමට අවසරයක් නෑ.

වැසිකිළිය භාවිතයට අවසර තියෙනවා. හැබැයි ඉතින් අදාළ කාර්ය අතරතුරත් ඔවුන් සිප ගනිමින් සිටිය යුතු‍යි.

වංචා කරනවද නැද්ද බලන්න ඔවුන් සමඟ විනිසුරුවරයෙකුගේ සුපරීක්ෂාකාරී ඇසක් නිතර සෝදිසියෙන් පසුවෙනවා.

ඡායාරූප : ndtv.comඡායාරූප : ndtv.com

ඡායාරූප : ndtv.com

කොහොම නමුත් බිඳහෙල යුතු වාර්තාවේ දීර්ඝ බව අනුව ,විවේකයක් ද නොලබාම දිනන්න යාමෙන් සහභාගී වන පිරිස් මනෝ ව්‍යාධි තත්ත්වයන් සහ නින්ද අහිමි වීම හා සම්බන්ධ විවිධ වූ උපද්‍රවයන්ට ගොදුරු වීම් රැසක් වාර්තා වෙලා තියෙනවා.

මීට පෙර වාර්තාගත උත්සාහයන්වලදී සිපගැනීමේ තරඟයේ තරඟකරුවන් රෝගාබාධවලට ගොදුරු වූ අවස්ථා කිහිපයක්ම තිබුණා කියලයි ගිනස් කමිටුව සඳහන් කරන්නෙ.

උදාහරණයක් විදියට 1999 වසරේ වාර්තාකරුවන් වූ Karmit Tzubera සහ Dror Orpaz (ඊශ්‍රායලය) පැය 30 විනාඩි 45ක් සිපගැනීමෙන් පසු ඔවුන් ක්ලාන්ත වෙලා තියෙනවා.

පසුව වහාම රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී ඔවුන් හට තෙහෙට්ටුව සඳහා ප්‍රතිකාර ලබාදීලා. ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා වූ ත්‍යාගය වුණේ ලොව වටා සංචාරයක් සහ ඩොලර් 2,500 (£1,525) මුදලක් බවයි සඳහන්.

2004 දී 37 හැවිරිදි Andrea Sarti (ඉතාලිය) ඔහුගේ පෙම්වතිය වන ඇනා චෙන් (තායිලන්තය) පැය 31 විනාඩි 18 ක් සිප ගැනීමෙන් පසු ඔක්සිජන් දීලයි යළි පියවි සිහියට අරන් තියෙන්නෙ.

ඡායාරූප : bing.comඡායාරූප : bing.com

ඡායාරූප : bing.com

කොහොම නමුත් දිගම හාද්ද, දිගම හාදු මැරතන් තරගය විදියට ප්‍රතිස්ථාපනය වන බවයි දැන් වාර්තා වෙන්නෙ.

ඒ අනුව අභියෝග කරන්නන්ට විවේකයට අවසර‍යක් දීලා තියෙනවා.

ඒ කියන්නෙ සෑම පැයකටම පසු, අභියෝග කරන්නන් හට විනාඩි පහක විවේකයක් උපයාගත හැකියි. එය භාවිතා නොකළහොත් එම විවේකයන් රැස්කර ගත හැකි‍යි.

ඒ අනුව මේ විවේක කාලය තුළ අභියෝගකරුවන්ට නිදා ගැනීමට, ආහාර ගැනීමට සහ ඔවුන්ගේ තොල් වෙන් කිරීමට ඉඩක් ලබාදෙන බවයි සඳහන්.

ඉතින් හිතවතුනි,

දිගම සිපගැනීමේ මැරතන් තරඟය සඳහා වත්මන් වාර්තා හිමියෙක් තවමත් නෑ.

කැමතියිද පළමුවෙනියා වෙන්න....

ඡායාරූප : bing.comඡායාරූප : bing.com

ඡායාරූප : bing.com