ෆින්ලන්තයේ මිනිස්සු, ලෝකෙ සතුටින්ම ඉන්න ජනතාව‌ වෙන්නෙ ඇයි? මෙන්න හේතු (ඡායාරූප): අවුරුදු 06ක්ම පළමු තැනට ආවෙ මෙහෙමයි

MonaraMonara

ලෝකෙ සතුටින්ම ඉන්න ජනතාව ජීවත් වෙන්නෙ ෆින්ලන්තයේ. ගිය අවුරුද්දෙත් (2023) පිට - පිට 06 වෙනි වරටත් ලෝක සතුටු දර්ශකයෙ ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්න සමත් වුණේ ෆින්ලන්තය. ෆින්ලන්තයේ මිනිස්සු මෙච්චර සතුටින් ඉන්න බලපාන හේතු කිහිපයක්ම තියෙනවා.

01. ෆින්තලන්තයේ ජනතාව වැඩියෙන්ම ඉන්නේ එලිමහනේ. රටේ පිරිසිදු වාතයක් සහිත පරිසරයක් තියෙනවා. රටේ වනාන්තර ප්‍රතිශතය 73% ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ෆින්ලන්තය ලෝකෙ පිරිසිදුම වාතය තියෙන රටවලින් එකක්.

MonaraMonara

02. ෆින්ලන්තය ලෝකයේ ප්‍රසිද්ධ "විල් දහසේ රට" කියලා. රටේ තියෙන විල් ගණන එක්ලක්ෂ අසූහත්දහසකට වඩා වැඩියි. ජලාශවල ජලය කෙලින්ම බීමට ගන්න පුළුවන්. මේ හින්දම ඕනම වෙළඳසැලකින් නොමිලේම බෝතල් කරපු වතුර ගන්න පුළුවන්.

Michael MattiMichael Matti

Michael Matti

MonaraMonara

03. හැම දරුවෙකුටම වයස අවුරුදු 17 වෙනතුරු දීමනාවක් ලැබෙනවා. පළවෙනි දරුවාට යුරෝ 100කුත්, අනිත් දරුවන්ට ඊට වඩා වැඩි ගණනකුත් රජයෙන් ලබාදෙනවා. ඒ වගේම පාසල් උපකරණ, සෙල්ලම් බඩු, සනීපාරක්ෂක ද්‍රව්‍ය රජයෙන් නොමිලේ නිවසටම ගෙනත් දෙනවා. මේ නිසා ෆින්ලන්තයේ දරුවන් නිවසේ ආර්ථිකයට බරක් නෙවෙයි.

Antti Aimo-KoivistoAntti Aimo-Koivisto

Antti Aimo-Koivisto

04. පොලිසිය සම්පූර්ණයෙන්ම ස්වාධීන ඒකකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. වංචා, දූෂණ අවමයි. මේ හින්දම අපරාධ අවම මට්ටමේ තියෙනවා.

MonaraMonara

05. අම්මලාටත් වඩා තාත්තලා දරුවන් ගැන බලන රටක් තමයි ෆින්ලන්තය කියන්නෙ. දරුවෙක් ඉපදුණාම තාත්තට පඩි සහිතව සති 09 ක නිවාඩුවක් ලැබෙනවා. තව දරුවොත් එක්ක කාලය ගතකරන්න දිරිමත් කරන වැඩසටහනුත් ක්‍රියාමකයි. තාත්තලා විසින් දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වලට හුරුකිරීම ෆින්ලන්ත සංස්කෘතියේම කොටසක්.

MonaraMonara

06. අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ වගේම ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙත් ෆින්ලන්තයේ. පොත්පත්, පාසල් උපකරණ, ක්‍රීඩා භාණ්ඩ නොමිලේ සපයනවා. අසහනකාරී විභාග, ටියුෂන් නැහැ. ඒ නිසාම ෆින්ලන්ත දරුවන් ලොව අඩුම මානසික පීඩනයක් සහිත දරුවන් විදිහට හඳුන්වන්න පුළුවන්.

Elina Manninen/KeksiElina Manninen/Keksi

Elina Manninen/Keksi