වසරේ දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය අද: ටිකට් එකක් රුපියල් 3000 යි - ඔබත් එන්න; 'The Taprobane' වෙත

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍ර - The Taprobane වෙතින්

වසරේ දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය (Sports Entertaintment Event) අද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම ක්‍රීඩා සැණකෙළිය පැවැත්වෙන්නේ කොළඹ 08 පිහිටා ඇති තැප්‍රොබේන් (The Taprobane) පරිශ්‍රයේ දියි.

මේ සඳහා සටන්කරුවන් 10 දෙනෙක් සහ සටන්කාරිනියන් 04 දෙනෙකු එක්වනු ඇති.

ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලියක් වන Karma Fight League නැතහොත් KFL නමින් මෙවැනි තරගාවලියක් මෙරට තුළ පැවැත්වෙන්නේ පළමු වරටයි.

KFL හි පළමු සටන් රාත්‍රිය අද රාත්‍රී 7ට The Taprobane හි දී පැවැත්වෙනවා.

මෙහි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 3000ක් වන අතර, එදින දොරටුවෙන් නරඹන්නන් හට එය මිල දී ගත හැකියි.