සියල්ලන් මවිතයට පත්කරමින් සංගීතය මෙහෙය වූ රොබෝවරයා: මානුෂීය මුහුණුවරකින් යුත් මෙම අපූරු රොබෝ, ප්‍රථමයෙන් ප්‍රේක්ෂකයන්ට හිස නමා ආචාර කර සජීවී සංදර්ශනය ඉදිරිපත් කර තිබුණා.....
රොබෝ කෙනෙක් වේදිකාව භාරගෙන සංගීතය මෙහෙය වන්න පටන් ගත්තොත්, ඒ අත්දැකීම කොහොම එකක් වේවිද...
මේ කියන්න යන්නෙ දකුණු කොරියාවෙන් අහන්න ලැබුණු එවන් අපූරු කතාවක්.
ඇන්ඩ්‍රොයිඩ් රොබෝවෙක් (EveR 6) දකුණු කොරියාවේ සෝල් හි දී වේදිකාවට පිවිස එරට ජාතික වාද්‍ය වෘන්දයේ ප්‍රසංගයක් මෙහෙයවා තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එරට තුළ එවැන්නක් අත්හදා බැලූ පළමු උත්සාහය ලෙසයි.
ඒ අනුව කොරියානු කාර්මික තාක්ෂණ ආයතනය (Korea Institute of Industrial Technology) විසින් නිර්මාණය කරන ලද මෙම රොබෝවරයා එරට ජාතික වාද්‍ය වෘන්දයේ ප්‍රමුඛතම සංගීතඥයෙක් ලෙස කොරියාවේ ජාතික රඟහලේදී (National Theater of Korea) සිය මංගල දර්ශනයට සහභාගීව තිබුණා.
මානුෂීය මුහුණුවරකින් යුත් මෙම අපූරු රොබෝ, ප්‍රථමයෙන් ප්‍රේක්ෂකයන්ට හිස නමා ආචාර කර සජීවී සංදර්ශනය ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.