"RRR" චිත්‍රපටයේ දුෂ්ඨයෙකු ජීවන රඟ මඩලට සමුදෙයි: ඔස්කාර් සම්මානලාභී RRR චිත්‍රපටයේ “සර් ස්කොට්” ගේ චරිතයට පණ පෙවූ “රේ ස්ටීවන්සන්” අභාවප්‍රාප්ත වී තිබෙනවා.

MonaraMonara

ඡායාරූපය - twitter.com/RRRMovie

ඔස්කාර් සම්මානලාභී RRR චිත්‍රපටයේ “සර් ස්කොට්” ගේ චරිතයට පණ පෙවූ “රේ ස්ටීවන්සන්” අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඉතාලියේදී ඔහු ජීවිතක්ෂයට පත්වන විට 58 වන වියේ පසු වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ සම්බන්ධයෙන් RRR චිත්‍රපටයේ නිල ට්වීටර් ගිණුමේද පණිවුඩයක් තබා තිබූ අතර, එහි දැක්වුණේ “රේ ස්ටීවන්සන්”ගේ මරණය සම්බන්ධ පුවත සැලවීමත් සමඟ චිත්‍රපට කණ්ඩායම බලවත් කම්පාවට පත්වූ බවයි.

“රේ ස්ටීවන්සන්” RRR චිත්‍රපටයේ දුෂ්ඨයෙකුගේ චරිතයකට පණ පෙවූ අතර, ඊට අමතරව මාවල්, ස්ටාර් වෝර්ස් සහ ඩිස්නි චිත්‍රපටවලටද රංගනයෙන් දායක වී තිබෙනවා.

ඡායාරූපය - thedirect.comඡායාරූපය - thedirect.com

“රේ ස්ටීවන්සන්” රංගනයෙන් දායක වූ හොලිවුඩ් චිත්‍රපටයක්. ඡායාරූපය - thedirect.com