ශක්තිජනක පානයක් වන PRIME, ළමුන්ට අහිතකර බවට චෝදනා: “සැබෑ සන්නාමයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියෙන් සහ ලොව විශාලතම බීම සමාගම් කිහිපයක් අභිබවා යාමෙන් අපි නිහතමානීව සිටිමු..."

MonaraMonara

ඡායාරූපය : instagram.com

යූ ටියුබ් තරු යුවළක් වන ලෝගන් පෝල් සහ කේඑස්අයි (KSI and Logan Paul) විසින් ආරම්භ කරන ලද ශක්තිජනක පාන සන්නාමයක් වන PRIME විමර්ශනය කරන ලෙස එක්සත් ජනපද සෙනෙට් බහුතර නායක චක් ෂුමර් (US Senate Majority Leader Chuck Schumer) ආහාර හා ඖෂධ පරිපාලනයෙන් (FDA - Food and Drug Administration) ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු චෝදනා කරන්නේ එහි අධික කැෆේන් අන්තර්ගතයක් තිබියදීත් මෙම පානය ළමුන් ඉලක්ක කර ගන්නා බවයි.

Prime Energy හි කැෆේන් මිලිග්‍රෑම් 200ක් අඩංගු වන අතර එය ප්‍රතිවාදී ශක්තිජනක පානයක් වන Red Bull හි ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වන බවයි සඳහන්.

ඡායාරූපය : James Keivomඡායාරූපය : James Keivom

ෂුමර් පැවසුවේ PRIME ශක්තිජනක පානයෙහි කැෆේන් අඩංගු බවයි. ඡායාරූපය : James Keivom

ඒ අනුව ළමුන් අතර ජනප්‍රිය ශක්තිජනක පානයක් වන PRIME, මේ වන විට නීති සම්පාදකයින්ගේ සහ සෞඛ්‍ය විශේෂඥයින්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

මෙම පානය සීනි ශුන්‍ය සහ වීගන් (sugar-free and vegan) ලෙස ප්‍රචාරණය කරන අතර ජනප්‍රිය ශක්තිජනක බීම අතර ප්‍රමුඛ තැනක් ගෙන අවසන්.

ඡායාරූපය : PRIMEඡායාරූපය : PRIME

ඡායාරූපය : PRIME

එක්සත් රාජධානියේ සහ ඕස්ට්‍රේලියාවේ ඇතැම් පාසල් මෙම පානය තහනම් කර ඇත්තේත් ළමා රෝග විශේෂඥයින් විසින් අනතුරු අඟවා ඇත්තේත් එය දරුවන්ට හෘදයාබාධ, කාංසාව සහ ආහාර දිරවීමේ ගැටළු වැනි අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි බැවිනි.

ලෝගන් සහ කේඑස්අයි සිය onPRIME වෙබ් අඩවියේ සන්නාමය ප්‍රවර්ධනය කරමින් සඳහන් කර ඇත්තේ,

“සැබෑ සන්නාමයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියෙන් සහ ලොව විශාලතම බීම සමාගම් කිහිපයක් අභිබවා යාමෙන් අපි නිහතමානීව සිටිමු..." ‍යන්නෙන්.

ඡායාරූපය : Ritzau Scanpix / Ida Marie Odgaard via Reutersඡායාරූපය : Ritzau Scanpix / Ida Marie Odgaard via Reuters

ඡායාරූපය : Ritzau Scanpix / Ida Marie Odgaard via Reuters

මතභේදය මධ්‍යයේ, සමාගම් නියෝජිතයින් එය "වයස අවුරුදු 18 ට අඩු ළමුන් සඳහා නිර්දේශ නොකරයි" යනුවෙන් ලේබල් කර ඇති බව පවසමින් නිෂ්පාදනය ආරක්ෂා කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව කැෆේන් අඩංගු නොවන PRIME Hydration නම් නිෂ්පාදනය වෙන වෙනම අලෙවි කරන බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වෙතත්, ෂුමර් FDA වෙත ඔහුගේ ලිපියේ සඳහන් කර ඇත්තේ බීම වර්ග දෙකේම මාර්ගගත අලෙවිකරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.

ඡායාරූපය : PRIMEඡායාරූපය : PRIME

ඡායාරූපය : PRIME

2022 දී ලෝගන් පෝල් සහ කේඑස්අයි විසින් කැෆේන් රහිත ප්‍රයිම් හයිඩ්‍රේෂන් පානය දියත් කරනු ලැබුවා.

කැෆේන් සහිත Prime Energy පානය මෙම වසරේ ජනවාරි මාසයේදී එළිදැක්වීම සිදු කෙරුණා.

වයස අවුරුදු 18 ට අඩු ළමුන්, කැෆේන්වලට සංවේදී පුද්ගලයින්, ගර්භණී කාන්තාවන් හෝ මව්කිරි දෙන කාන්තාවන් සඳහා එය නිර්දේශ නොකරන බව එක් එක් බීම කෑන්හි අනතුරු අඟවා ඇති බවත් සඳහන් වෙනවා.

ඡායාරූපය : PRIMEඡායාරූපය : PRIME

ඡායාරූපය : PRIME

ඡායාරූපය : instagram.comඡායාරූපය : instagram.com

ඡායාරූපය : instagram.com