නව පෙනුමෙන් එළියට ආව යූටියුබ් තරුව: සාර්ථකව සංක්‍රාන්ති ලිංගිකයෙකු වුණු ක්‍රිස් ටයිසන්

MonaraMonara

ඡායාරූප : Kris Tyson instagram

MrBeast යූ ටියුබ් නාලිකාවේ සම-සත්කාරකයෙකු වන ක්‍රිස් ටයිසන් (Kris Tyson) මාස හයක හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරවලින් (hormone replacement therapy) පසු ලබාගත් නව සෙල්ෆියක් මේ වෙද්දි අන්තර්ජාලය පුරාම කතාබහට ලක්වෙලා.

ටයිසන් මේ මස මුලදීයි සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පිටතට පැමිණියේ.

සිය නවතම පෙනුම සමාජ මාධ්‍යට මුදාහරිමින් ක්‍රිස් සටහනක් ද තබා තිබුණා.

ඒ,

"ශාරීරික වෙනස්කම් මට සතුටක් ගෙන දුන් එකම දේ නොවේ. ඔබේ ජීවිතය ඔබේම ආකාරයෙන් ගත කරන සෑම දිනක්ම හොඳම දවසයි” යන්නෙන්.

ඡායාරූප : Kris Tyson instagramඡායාරූප : Kris Tyson instagram

ඡායාරූප : Kris Tyson instagram

සම්මුඛ සාකච්ඡාවකදී ක්‍රිස් සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස තෝරාගත් ජීවිතය ගැන සඳහන් කර තිබුණේ තම සංක්‍රාන්තිය පිළිබඳව දැඩි විශ්වාසයකින් සිටි බවයි.

කොහොම නමුත් ඔහුගේ මේ තෝරාගැනීමට විවේචන ද රැසක් එල්ල වෙමින් පවතින බවයි ආරංචි.