කැන්ගරු දේශය දිනූ Miss Tourism Global කිරුළ: ලංකාවේ නමත් ජාත්‍යන්තරයට
ජාත්‍යන්තර වේදිකාව දිනූ රූ රැජිනක් ගැනයි අපි මේ කියන්න යන්නෙ.
ඇය ජාත්‍යන්තර වේදිකාව ජයගන්නේ ලංකාවේ නමත් කතාබහට ලක්කරමින්.
ඈ අයිති කැන්ගරු දේශයට. එහෙමත් නැත්නම් ඔස්ට්‍රේලියාවට.
කාර්ලී ඩේවිස් (Karlee Davis) නම් මේ රූමතිය 2023/24 වසරේ ''මිස් ටුවරිසම් ග්ලෝබල්'' (Miss Tourism Global 2023/24) ලෙස කිරුළු පළඳිනවා.
දැන් ප්‍රශ්නයක් ඇතිනෙ ඇය නිසා කොහොමද ලංකාවේ නම කතාබහට ලක්වුණේ කියලා නේද.
කාර්ලීගේ ''ජාතික ඇඳුම ලෙස සැකසුණ ගවුම් විලාසිතාව'' නිර්මාණය වෙන්නෙ ලාංකීය ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් අතින්.
ඔහු කුෂාන් නාමල් (Kushan Namal).
ඔහුගේ වසර 13ක නිර්මාණකරණය තුළ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස මෙය දැක්විය හැකියි.
නිර්මාණකරුවෙක් ලෙස තමන් ලද මේ ජයග්‍රහණය ගැන ඔහු මෙලෙස වචන එකතු කර තිබුණා.
''ශ්‍රී ලාංකීය නිර්මාණකරුවෙකු ලෙස මගේ ගමන මන්දගාමී සහ ස්ථාවර එකක්.
වසර 13ක නිර්මාණකරණය තුළ මම බොහෝ දේ ලබාගෙන තියෙනවා.
මේ ජයග්‍රහණය ඒ සියල්ලටම වඩා ඉහළින් පවතින්නක්.
ශ්‍රී ලංකාවෙන් ඔබ්බට රටක් නියෝජනය කරන නියෝජිතයෙකු සඳහා මම, සන්ධ්‍යා ඇඳුම්... ජාතික ඇඳුමක් නිර්මාණය කරන බව කිසිදා නොසිතුවෙමි.
ඉස්සර රූපවාහිනියෙන් බලපු රූපලාවණ්‍ය නිර්මාණවල මමත් අද කොටස්කරුවෙක් වෙලා...
මාව ඔබේ ගමනේ කොටසක් බවට පත් කිරීම ගැන ස්තූතියි...''
ඒ වගේම තමන් වෙනුවෙන් නිර්මාණය කළ සුන්දර විලාසිතාව වෙනුවෙන් ස්තුතිවන්ත වීමටත් කාර්ලී අමතක කර තිබුණේ නෑ.
''මගේ අභිරුචියෙන් සාදන ලද ගවුම සහ ජාතික ඇඳුම වෙනුවෙන් @kushan_jayasingheට විශාල ස්තූතියක් පිරිනමමි...''
ජාත්‍යන්තර සංචාරක රූ රැජින තරඟාවලිය පැවැත්වුණේ මීට දින කිහිපයකට ඉහත, මැලේසියාවේදී.
කාර්ලී මේ පැජන්ට් එකේ පළමු රූමතියන් පස්දෙනා අතරට එන්නෙ, තරඟාවලිය අවසන ''ගෝලීය සංචාරක රූ රැජින'' ලෙස කිරුළ තම හිස මත පළඳවාගනිමින්.
ඒ වගේම ඈ එහිදී ''Miss elegant'' බවටත් පත්වෙනවා.
සුරූපි තරඟකාරිනියන් 43 දෙනෙක් අතරින් තායිලන්තයේ Tia Li Taveepanichpan ''2023/24 ජාත්‍යන්තර සංචාරක රූ රැජින'' ලෙස කිරුළු පළඳිනවා.
පහතින් දැක්වෙන්නේ කාර්ලී වෙනුවෙන් කුෂාන් නාමල් නිර්මාණය කරන ලද අපූරු ගවුම් විලාසිතාවේ සේයා රූ එකතුවක්.....