'ඉස්සරම මේ මන්දිරයේ ගේට්ටුවෙන් පිටත ඉඳලා මං ඡායාරූපයක් ගත්තා. අද ෂාරුක් සර් මාව ඇතුළට ගත්තා!': 'ජවාන්' සියලු බොක්ස් ඔෆිස් වාර්තා කුඩුපට්ටම් කරයි! 'මේ ෂාරුක්ට මඩ ගහනවා නෙවේ!'
මේ කතාව 'කිං ඛාන්' ගැන. 'කිං ඛාන්'ගේ ලොවක් 'විශ්මයට පත් කෙරූ' සිනමා නිර්මාණය ගැන... (පැහැදිලිවම.... ජවාන් ගැන...)
'ඇට්ලි' විසින් අධ්‍යක්ෂණය කළ 'ජවාන්', මේ වන විට ඉන්දියාවේ සියලු 'බොක්ස් ඔෆිස් වාර්තා' බිඳ දමා ඇති බැව් මීට මොහොතකට පෙර දී 'ඉන්දීය මාධ්‍ය' තහවුරු කළා. (චිත්‍රපටයේ සම්පූර්ණ අදායම 'බොක්ස් ඔෆිස්' යාවත්කාලීන කිරීම්වල දැක්වෙන්නෙ ඉන්දීය රුපියල් 55,72,00,000ක් ලෙසයි...)
මින් ඉහත 'බොක්ස් ඔෆිස්' පළමු තැනට හිමිකම් කියූවේ 'KGF Chapter 2' චිත්‍රපටය යි.
'ජවාන්' චිත්‍රපටයට බොහෝ 'ධනාත්මක' ප්‍රතිචාර ලැබෙමින් පවතින මොහොතේ, 'ඇට්ලි'ගේ දැවැන්ත 'විප්ලවය' වෙනුවෙනුත් බොහෝ පිරිසක් 'ආචාර සමාචාර' කර තිබුණා.
ඇතැම් රසිකයින් සඳහන් කර තිබුණේ 'ඇට්ලී' ෂාරුක්ගෙන් 'උපරිම ප්‍රයෝජන' ගෙන ඇති බවයි.
'ඇට්ලි' මින් ඉහත ද්‍රවිඩ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ නමුත්, ඔහුගේ පළමු 'හින්දි චිත්‍රපටය'මෙය වීමත් විශේෂ යි. 'ෂාරුක් ඛාන්' නම් වූ 'ප්‍රබලතමයා' හා චිත්‍රපටයක් කරන්න තරම් ඔහුගේ 'සිහිනය සැබෑවීම' ගැන ඔහු මේ විදිහට කියලා තිබුණා.
'ජීවිතය හරි පුදුමාකාරයි.මීට කාලෙකට කලින් මේ මන්දිරයේ ගේට්ටුවෙන් පිටත ඉඳලා මං ඡායාරූපයක් ගත්තා.ඊට අවුරුදු දහයකට පස්සෙ මට ජවාන් චිත්‍රපටයේ තිරපිටපත රැගෙන මේ මන්දිරයට යන්න එහි ගේට්ටුව විවෘත වුනා.. ශාරුක් සර්ම ඇවිත් මාව පිළිගත්තා'
ෂාරුක්ගේ මේ 'නවතම සිනමා නිර්මාණය' ගැන විවිධ මතිමතාන්දර පළ වුණා වගේම එහි 'තලපති විජේයි' රංගනයේ යෙදෙන බවටද 'මත' පළවුණා. (ඒ හේතුව නිසාම තලපති විජේට ප්‍රිය කරන රසිකයින්ද ජවාන් නැරඹීමට ගොස් තිබුණා...)
ලාංකීය 'ෂාරුක් ඛාන්' රසිකයින් ද 'ජවාන්' ගැන ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබුණා. (ඒත් ඇතැම් පිරිස් සෘණාත්මක ප්‍රතිචාරත් දක්වා තිබුණා...)
'කතාව, ඇක්ෂන්ස් සහ බීජීඑම් ගානට මික්ස් වෙච්ච වසරේ හොඳම සිනමා අත්දැකීමක් විදිහට Jawan හඳුන්වන්නට පුළුවන්. කලිනුත් සඳහන් කළා වගේ සෝශල් ඉශූස් ඉදිරිපත් කිරීමේදී ඇට්ලී විසින් යොදන රසකාරක හරිම රහයි. ඒ ඔස්සේම මතුකරන අනුවේදනීය කාරණාත් හොඳට දැනෙන්න ඉදිරිපත් කරල තියෙනවා. සංගීතය පැත්තෙන් ඒ ඉමෝෂනල් බව වඩාත් තීව්‍ර වෙනවා අයිටම් සෝංග්ස් වලටත් වඩා. ලෝකේෂ් කනගරාජ් ගෙ 'වික්‍රම්' තරමටම ළඟින් යන තරමටම ඇක්ෂන් සීන්ස් දැවැන්තයි. Don ට පස්සේ පඨාන් වලින් අනාගත්ත ඒ ගුණාංගය ශාරුඛ් ගෙන් උපරිමයෙන්ම ගොඩදාපු එකට නම් මුලිනුත් සඳහන් කළා වගේ ලොකු ස්තුතියක් පුද කරන්නම ඕන.' (ලක්ෂ්මන් අරංවලගේ ෆේස්බුක් සටහනක්..)
'Jawan කියන්නෙ ශාරුක් ඛාන් සර් ගේ මේ අවුරුද්දෙ ආව දෙවෙනි ෆිල්ම් එක. පලවෙනි එක පතාන්.ඒක නම් රිවිව් අතින් එච්චර සාර්ථක උනෙ නැ . බොක්ස් ඔෆිස් අතින් විතරයි සාර්ථක . දැන් jawan ගැන කතා කරොත් මගෙ පෞද්ගලික රසවින්දය අනුව ඒකත් ඒ තැටියෙම තමයි.Typical south masala movie. එතනින් එහාට දෙයක් නෑ.මේක මගෙ පෞද්ගලික මතය.මේකෙන් මම ශාරුක්ට මඩ ගහන්නවත්.බොලිවුඩයට මඩ ගහන්නවත් හිතන්නෙ නෑ!' (අනුහස් රත්නායකගේ ෆේස්බුක් සටහනක්..)
'ජවාන්'හි සංගීත අධ්‍යක්ෂවරයා වන්නෙ 'අනිරුද් රවිචන්දර්'. (මාස්ටර්, ජේලර් වැනි අතිශය ජනප්‍රිය වූ සිනමා පටවල සංගීත නිර්මාණකරුවා දඔහුයි...) අනිරුද් රවිචන්දර් 'ජවාන්'හි සංගීතයෙන් සිදු කෙරූ 'විශ්මකර්මයන්' මේ මොහොතේ කතාබහට ලක්වෙමින් පවතින අතර, ඔහු දිනෙක 'රහුමාන්' අභිබවා යනු ඇති බවට ද විචාරකයින් සඳහන් කර තිබෙනවා.
'ඇට්ලි' සහ 'අනිරුද් රවිචන්දර්' එකිනෙකා වැළඳගනිමින් 'සන්තෝස' වන අයුරු දැක්වෙන ඡායාරූපයකුත් මේ මොහොතේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.
-ඉන්දීය මාධ්‍ය ඇසුරිනි-