''මගේ ලුක් එකෙන් ලංකාවේ අයට ප්‍රයෝජනයක් ගන්න වුවමනාවක් තියෙනවද කියන එක අදටත් මම දන්නේ නෑ...'': සුපිරි තරු එක්ක තෙළිඟු සිනමාවෙන් ගමන අරඹන අපේ ඉෂංකා
ඔබ නිතර සමාජ මාධ්‍යයේ සැරිසරන අයෙක් නම්, දකින්න ඇති අපේ රටේ තරු කිහිපයකටම දකුණු ඉන්දියානු සුපිරි නළුවකු සහ නර්තන ශිල්පියකු වන ප්‍රභූ දේවා එක්ක වැඩ කරන්න ලැබුණු අවස්ථා සම්බන්ධ සටහන් සහ ඡායාරූප.
අපිත් ඔබට ඒ ගැන තොරතුරු කිහිපයක්ම අරන් ආවා.
සෑම් රොඩ්රිගස්ගේ ඉදිරියේ තිරගත වීමට නියමිත මූසයි සිනමාපටයේ ගීතයක් රූගත කිරීම වෙනුවෙන් තමයි ප්‍රභූ දේවා ලංකාවට ඇවිත් තිබුණේ.
ඉතින් ඔය අතරේ ඉන්දියානු පෙනුමකට හිමිකම් කියන ජනප්‍රිය නිළි ඉෂංකා අබේසේකරටත් අවස්ථාව ලැබිලා මේ නිර්මාණ කටයුත්ත එක්ක එක්කාසු වෙන්න.
''...තෙලිඟු නිර්මාණයේ වැඩ කරන අතර ප්‍රභූ සර්ගෙ Film එකේ සිංදුවට මට ආරාධනාව ආවේ.
මම ඒ වෙද්දි කොළඹින් පිට හිටිය නිසා මට එදිනම කොළඹ තිබුණ ප්‍රභූ සර්ගෙ Film song එකේ dancing part එකට සහභාගි වෙන්න බැරිවුණා.
ඒත් ප්‍රභු සර්ගෙ Film එකේ එක scene එකකට රංගනයෙන් දායක වුණා.
මේ නිර්මාණ දෙකම දකුණු ඉන්දියානු සිනමාපට.
මේ දිනවල බොහෝ ඉන්දියානු ශිල්පීන් ලංකාවට ඇවිත් ඔවුන්ගේ රූපගත කිරීම් සිදු කරනවා.
මම හිතන්නේ මට මේ අවස්ථාව ලැබුණේ මගේ පෙනුම නිසා.
එයාලා හරි කැමතියි මේකප් නැතුව රඟපාන්න ගන්න පුළුවන් මුහුණුවලට.
එයාලා හොයන්නේත් ස්වභාවික පෙනුම එක්ක වැඩ කරන්න පුළුවන් මුහුණු.
අපි දකින දකුණු ඉන්දියානු සිනමාපටවලත් මේකප් භාවිතා කරලා තියෙන්නේ හරිම අඩුවෙන්නේ.
ඒ එයාලා කැමැතිම නැති දෙයක් තමයි ෆුල් මේකප් එකක් එක්ක රඟපාන්න ගන්න.''
ලෝක ප්‍රසිද්ධ තරුවක්, විශේෂයෙන්ම සුපිරි තරුවක් හමුවීම කෙනෙක්ගේ ජීවිතේට ලැබෙන මොන තරම් නම් භාග්‍යයක් ද...
''ඇත්තටම තාමත් මට හිතාගන්න බැහැ.
මාව ප්‍රභූ දේවා සර්ට හඳුන්වා දුන්නම සර් අතට අත දුන්නා.
එයා මට කිව්වේ you are beautiful කියලා. ඒ කතා කරපු තත්පර ගාණ මට හීනයක් වගේ.
මේ දේවල් තුළින් මම අලුත් ජීවයක් ලැබුවා.
රංගන ක්ෂේත්රයේ තව වැඩ කරන්න මට ආස හිතුණා.''
මේ අතර ඇයට අවස්ථාව ලැබිලා සිය පළමු සිනමා නිර්මාණය ලෙස තෙලිඟු සිනමාව එක්ක ගමන අරඹන්න...
''දග්ගුබාටි වෙන්කටේෂ්ගේ (Daggubati Venkatesh) බිරිඳ විදිහට මම මගේ පළමු පියවර තියන්නේ තෙලිඟු සිනමාවට.
මේක මගේ වාසනාව වෙන්න ඇති.
මේ චරිතයට ඔවුන් මාව තෝරාගන්නේ මගේ පෙනුම නිසා.
ලංකාවෙන් ඔවුන් තෝරගන්න එකම රංගන ශිල්පිනිය මම.
මගේ ජීවිතයේ මම රඟපාන පළමු චිත්‍රපටය ලංකාවේ එකක් නෙවෙයි ඒක තෙලිඟු නිර්මාණයක්.
ඒක තමා මගේ ජීවිතයේ මට ලැබුණ ලොකුම ත්‍යාගය කියලා මම හිතනවා.
මම සිනමාවට තියන පළමු පියවර සහ මගේ පළමු ඉන්දියන් සිනමා නිර්මාණයත් මේක.''
ඉතින් ඔය විදිය ඉන්දීය සුපිරි තරු එක්ක වැඩ කරන සහ ඉන්දීය තාරකාවක් සේම පෙනුමෙන් යුක්ත ඇය සදාකාලිකවකම ඉන්දියාවට අයිති වෙයිද කියන කාරණය ඇයට ආදරය කරන කාටත් තදින්ම දැනෙනවා ඇති...
''...මම චන්ද්‍රපානි සින්දුව හරහා කලාවට ඇවිත් අවුරුදු හතරක් වෙනවා.
මගේ පෙනුම එක්ක කාට හරි නිර්මාණයකට මාව ගන්න වුවමනාවක් තිබ්බා නම් මේ වෙද්දී ලංකාවේ චිත්‍රපටයකට මට ඇරයුම් ලැබෙන්න ඕනේ.
මගේ ලුක් එකෙන් ලංකාවේ අයට ප්‍රයෝජනයක් ගන්න වුවමනාවක් තියෙනවද කියන එක අදටත් මම දන්නේ නැහැ.
ඉන්දියානු නිෂ්පාදන කටයුතු කරන අය කැමතියි මගේ මුහුණ එයාලගේ නිර්මාණවලට ගන්න.
මගේ හිතේ තිබ්බා කවදාහරි මට ගැළපෙන නිර්මාණ ලැබෙයි කියලා. මේ මාසේ මට ඒක ඇත්ත වුණා.
මගේ ෆොටෝ එක්ක තව ලංකාවේ ජනප්‍රිය නිළියන්ගේ ඡායාරූප පවා ඒ අයට ඇවිත් තිබ්බා.
මෙතැනදී මගේ උස, මගේ මහත මේ කිසි දෙයක් එයාලා ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ඒ අයට ඕනේ වුණේ මගේ ලුක් එක.
ඔක්තෝම්බර් මාසයේ අලුත් ප්‍රොජෙක්ට් එකක් කරනවා ඒ නිසා ඔයා දමිළ බස හොඳින්ම කතා කරන්න පුරුදු වෙන්න කියන එක මට කිවුවා.
ඒකට ලෑස්ති වෙන එක මගේ වගකීමක්.
මම ලංකාවේ ඉපදුණු කෙනෙක් නිසා මොන රටේ නිර්මාණ කරත් මම කැමතිම ලංකාවේ නිර්මාණවල වැඩ කරන්න.
මම මගේ සිනමාවේ මුල් පියවර තෙලිගු සිනමාවෙන් තිබ්බා.''
(උපුටාගැනීම් රසඳුන - අනුෂා රණසිංහ)