''Hi Nanna'' තුන්කොන් ආදර කතාව බැලුවද: එකම කෙනාට දෙපාරක් ආදරේ කරන්න පුළුවන්ද ?
තාත්තා කෙනෙකුගෙයි දුවෙකුගෙයි බැඳීම කියන්නේ කියා ගන්න බැරි තරම් දෙයක්.
චචනවලට පෙරලන්න බැරි ඒ බැඳීම ගැන චිත්‍රපට තුළින් කතා කරන්න බොහෝ නිර්මාණකරුවන් දක්ෂ වෙලා තියෙනවා.
ඒ වගේම ලස්සන නිර්මාණයක් මේ දවස්වල බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙනවා.
හැබැයි මේක නම් තාත්තා දුව සහ අම්මා යන තුන්දෙනාගෙම තියෙන හැඟීම් බර තුන්කොන් ආදර කතාවක්.
ඒ තමයි ඉන්දියානු තෙළිඟු චිත්‍රපටයක් වන ''Hi Nanna'' චිත්‍රපටය.
නව අධ්‍යක්ෂකවරයෙක් වන Shouryuv විසින් තමයි මෙය නිර්මාණය කරලා තියෙන්නේ.
සංවේදී කතාවක් හරහා තාත්තා සහ දුව කියන බැඳීම ඕනෑම කෙනෙක්ගේ හදවතට දැනෙන විදියට Shouryuv විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.
මෙහි ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වන්නේ Ghanta Naveen Babu එහෙමත් නැත්තම් හැමෝම හඳුනන Nani.
Mrunal Thakur ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වෙනවා වගේම කුඩා දැරියගේ චරිතය නිරූපණ කරනු ලබන්නේ Kiara Khanna යන හුරතල් ළමා නිළිය.
මෙම චිත්‍රපටය තිරගත වීමට පටන් ගෙන තියෙන්නේ 2023 වසරේ දෙසැම්බර් 7 වනදා.
චිත්‍රපටය තෙළිඟු, දෙමළ, කන්නඩ, මලයාලම් සහ හින්දි යන භාෂාවලින් නිකුත් කර තිබෙනවා.
මේක තමන්ටත් නොදැනිම කඳුළු වැටෙන දුක සතුට අතරේ ගලාගෙන යන කතාවක් කිව්වොත් බලපු ඕනෑම කෙනෙක් එකඟ වෙයි.
මේ කතාවේ පසුබිම ගැන කිව්වොත්.....
ඡායාරූප ශිල්පියෙක් වන විරාජ් (Nani) සහ ඔහුගේ දුව වන මහී ( Kiara Khanna) දෙදෙනා වටා ගෙතෙන මේ කතාව ජීවිතයේ තර්ජනවල පොරබදිමින් නිර්භීතව ඒ සියල්ලට මුහුණ දෙනවා.
විරාජ් තම දියණිය කෙරෙහි විශාල කැප කිරීමක් කරමින් මහීගේ හුරතල් කතා අසමින් ජීවත් වෙනවා.
අම්මා නැති අඩුව දැඩි ලෙස මහීට දැනෙන කොට යෂ්නා (Mrunal Thakur) ඔවුන්ගේ ජීවිතයට එන්නේ නොහිතපු වෙලාවක.
මේ චිත්‍රපටයේ හැමෝගෙම හිතට වැදුණු දෙබස් කිහිපයක්....
''මෙච්චර කාලයක් හැමෝම, මහී මම නිසයි ජීවත් වුණේ කියල කිව්වා.
ඒත් ඒක වැරදි,
මහී නිසා තමා මම ජීවත් වුණේ"
එකම කෙනාට දෙපාරක් ආදරේ හිතෙන්න පුළුවන්ද ?
මිනිස්සු ප්‍රේමයෙන් නොහිතන වෙලාවක වෙන් වෙන්න පුළුවන්ද?
ඒත් ළඟ තියෙන හැමදේම පරිස්සම් කරගන්න ඕනේ.
මේක ප්‍රේමය,මනුෂ්‍යත්වය, මිත්‍රත්වය සහ සම්බන්ධතා සියල්ල එකතු කරලා තියෙන සුන්දර චිත්‍රපටයක්.
ඒ වගේම බලන්නම වටින චිත්‍රපටයක්.