'බීඑම්ඩබ් එක දැක්කා! චෙක් එකේ ගාණ දන් නෑ! ෆිල්ම් එකට නඩුත් දැම්මා! රජිනි සද්දයක් නෑ?': සුපර්ස්ටාර් රජිනිගේ 'ජේලර්' නිසා, 'කොලිවුඩයේ' කැළඹීමක්! 'තැති ගැන්වෙන සුලු පුවතක්! ප්‍රවේශමෙන් කියවන්න!!'

MonaraMonara

'බීඑම්ඩබ් එක දැක්කා! චෙක් එකේ ගාණ දන් නෑ! ෆිල්ම් එකට නඩුත් දැම්මා! රජිනි සද්දයක් නෑ?' Rajini Khanth

'රජිනි සහ ජේලර්...' (මේක අලුත්ම අලුත් BMW රථයක් ගැන කතාවක්....)

'රජිනිකාන්ත්' කියන්නෙ කොලිවුඩ් 'සුපර් ස්ටාර්' විදිහට ඉහළින්ම වැජඹෙන 'සුපිරි තරුව'...

රජිනිගේ 'ජෙලර්', 'සන් පික්චර්ස්' ලේබල් එක යටතේ ලොව පුරා 'අතිවිශාල' ආදායමක් උපයන්නට සමත් වුණා වගේම 'චිත්‍රපටය' දමිළ සිනමා ඉතිහාසයේ 'දෙවන' ඉහළම 'බොක්ස් ඔෆිස් වාර්තාව'ට හිමිකම් කියන්නට ද සමත් වුණා. ('ජේලර්' මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 600කට වැඩි ආදායමක් උපයා ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නෙ...)

Jailer FilmJailer Film

මේ සම්බන්ධයෙන් 'නිෂ්පාදන' සමාගමට එරෙහිව 'නඩු පැවරීමක්' සිදු කොට තිබුණා. Jailer Film

'ජෙලර්' ක්‍රියාදාම සිනමා නිර්මාණය 'නෙල්සන් දිලීප්කුමාර්'ගේ අධ්‍යක්ෂණයක් වන අතර, විශ්‍රාමික 'ජේලර්වරයෙක්' වටා කතාව දිග හැරෙනවා. මෙහි මෝහන්ලාල්, ශිවරාජ්කුමාර්, ජැකි ෂෙරොෆ් සහ කිෂෝර් ආරාධිත රංගනයක නියැලෙනවා.

මේ අතරතුර, 'සන් පික්චර්ස්'හි හිමිකරු, 'ජේලර්' වෙනුවෙන්, 'රජිනිට' වටිනා කියන ත්‍යාගයක් ලබා දී ඇති බැව් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඒ නවතම BMW X7 මෝටර් රථයක්.

එසේම, 'සන්පික්චස්' හිමිකරු චිත්‍රපටයේ ලාභයෙන් කොටසක් 'චෙක් පතක්' මාර්ගයෙන් රජිනිකාන්ත් වෙත භාර දී තිබුණා. (එම අවස්ථාවේ ඡායාරූපයි මේ...)

Sun PicturesSun Pictures

සන් පික්චර්ස්හි හිමිකරුගේ දෝරේ ගලන සන්තෝසය. Sun Pictures

කෙසේ වෙතත්, රජිනිට ලබා දුන් චෙක් පතේ සඳහන් වූ 'මුදල' ගැන ඉන්දීය මාධ්‍ය හෙළිදරවු කර නැහැ.

මේ අතර, පසුගිය දිනෙක 'ජේලර්' චිත්‍රපට සඳහා විශේෂ අධිකරණ නියෝගයක් ලබා දුන් අතර, ඒ එහි එන ආන්දෝලනාත්මක රූප රාමු කිහිපයක් සම්බන්ධයෙනු යි.

Sun PicturesSun Pictures

'සංස්කරණය' කරන ලද 'නවමු නිර්මාණය' අද සිට 'සිනමා ශාලා' වෙත මුදා හැරුණා. (මේ රජිනිට චෙක් පතක් පිරිනමන අවස්ථාව....) Sun Pictures

චිත්‍රපටයේ රූප රාමු කිහිපයක පෙනී සිටින කොන්ත්‍රාත් ගෙන මිනිසුන් ඝාතනය කරන අයෙකු විසින් IPL ක්‍රිකට් කණ්ඩායමක් වන RCB ජර්සියකින් සැරසී සිටින අතර, මේ සම්බන්ධයෙන් 'නිෂ්පාදන' සමාගමට එරෙහිව 'නඩු පැවරීමක්' සිදු කොට තිබුණා.

කෙසේ වෙතත්, අදාළ රූපරාමු ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන සංස්කරණය කිරීමට 'නිෂ්පාදන' සමාගම එකඟත්වය පළ කර ඇති අතර, 'සංස්කරණය' කරන ලද 'නවමු නිර්මාණය' අද සිට 'සිනමා ශාලා' වෙත මුදා හැරුණා.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.