නැගෙනහිර පර්යන්ත‌යේ දෙවන අදියර ඇරඹෙයි: නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ කටයුතු වසර අවසාන වන විට බොහෝ දුරට නිම කිරීමට හැකියි

MonaraMonara

නැගෙනහිර පර්යන්ත‌යේ දෙවන අදියර ඇරඹෙයි 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවැනි අදියරේ කටයුතු අද ඇරඹුණා.

ඒ් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

අමාත්‍යවරයා අතින් විසින් සුබ නැකතින් මුල්ගල තැබීමේ කටයුතු සිදුකෙරුණා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ කටයුතු වසර අවසාන වන විට බොහෝ දුරට නිම කිරීමට හැකිවනු ඇති බවයි.

එමගින් අනෙකුත් පර්යන්ත සමඟ තරග කර වැඩි ආදායමක් ඉපැයීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.