බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහනයක්: රුපියල් බිලියන 200ක් වෙළඳපොළට මුදා හරියි

MonaraMonara

මහා බැංකුව Photo : enbsl.lk

බලපත්‍රලාභී වාණිජ බැංකු තමන් සන්තකයේ පවතින තැන්පතුවලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය සියයට 04 සිට සියයට 02 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

රුපියල් බිලියන 200ක් පමණ මෙමගින් දේශීය මුදල් වෙළඳපොළ වෙත මුදා හැරෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.

මෙම මස 06 වැනිදායින් ඇරඹෙන සංචිත පවත්වාගෙන යෑමේ කාල සීමාවේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බව ඔවුන් අවධාරණය කරනවා.