විදේශ අමාත්‍ය අලි සබ්රි චීනයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට: 2023 ජුනි 27 සිට 29 දක්වා චීනයේ ටියැන්ජින් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිසක් සහභාගී වීමට නියමිතයි.
Colombo (Monara) June 24; 2023 ජුනි 27 සිට 29 දක්වා චීනයේ ටියැන්ජින් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිසක් සහභාගී වීමට නියමිතයි.
‘ව්‍යවසායකත්වය: ගෝලීය ආර්ථිකයේ ගාමක බලවේගය’ යන තේමාවෙන් යුත් මෙම සංසදය, ආර්ථික අභියෝග සම්බන්ධයෙන් කලාපීය සහ ගෝලීය සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන ලොව පුරා රටවල් 90කට අධික දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් අතර සංවාදය සඳහා වේදිකාවක් සපයනු ඇති.
‘අහිමි දශකයක් වැලැක්වීම’ යන මැයෙන් පැවැත්වෙන වටමේස රැස්වීමට සහ ‘හෙට ආර්ථිකය බලගන්වන්නේ කෙසේද’ යන මැයෙන් පැවැත්වෙන පාර්ශ්වකරුවන්ගේ සංවාදයකටද අමාත්‍ය අලි සබ්රි සහභාගී වීමට නියමිතව තිබෙනවා.
මෙම සංචාරයේදී විදේශ අමාත්‍යවරයා චීන විදේශ අමාත්‍ය Qin Gang සහ අනෙකුත් ඉහළ පෙළේ ප්‍රභූවරුන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
අමාත්‍ය අලි සබ්රි බීජිං හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මෙන්ම ටියැන්ජින් විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික සිසුන් සමඟ ද අදහස් හුවමාරු කර ගනු ඇත.