ලංකාවේ ඇපල් මිල ලෝකයේ දෙවැනි තැනට: Numbeo වෙබ් අඩවියෙන් අනාවරණයක්
ලොව ඇපල් මිල අධික නගර අතර කොළඹ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
ඒ, Numbeo වෙබ් අඩිවියෙන් සිදු කර ඇති සමීක්ෂණයකින්.
කොළඹ නගරයේ ඇපල් කිලෝවක මිල අමෙරිකානු ඩොලර් 7.04ක් වන බව එහි සඳහන්.
නිව්යෝර්ක් නගරයේ ඇපල් කිලෝවක මිල අමෙරිකානු ඩොලර් 7.05ක්.
දකුණු කොරියාවේ අගනුවර වන සෝල් හි ඇපල් කිලෝවක් අමෙරිකානු ඩොලර් 6.91කට අලෙවි කෙරෙනවා.
ඉන්දියාවේ දිල්ලි හි ඇපල් කිලෝවක මිල අමෙරිකානු ඩොලර් 2.01ක් වනවා.
පාකිස්ථානයේ ලාහෝර් හි ඇපල් කිලෝවක් ඩොලර් 1.05ක් වන බවයි, Numbeo වෙබ් අඩවියේ දැක්වෙන්නේ.
ශ්රී ලංකාවේ ආනයනික ඇපල් කිලෝවක සඳහා රුපියල් 600ක බද්දක් අය කෙරෙන බව සඳහන්.
සුපිරි වෙළෙඳසැල්වල ඇපල් කිලෝවක මිල රුපියල් 2,190ක් වනවා.