ආර්ථිකය බලෙන් සංකෝචනය කළ හින්දයි මේ අවුල් ඔක්කොම - ටානියාගෙන් ආණ්ඩුවට බරබරයක්: අනවශ්‍ය අයුරින් බදු පොළී ඉහළ දැමීමත් සමග, මේ වනවිට ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර නිසි ලෙස සිදු කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ව්‍යාපාරික සංසදය චෝදනා කරනවා.

MonaraMonara

Colombo (Monara) June 10 - වත්මන් රජයේ ආර්ථිකය කළමනාකරණය කරන්නන් විසින් ගත් ඇතැම් තීන්දු තීරණ මත ආර්ථිකය බලෙන් සංකෝචනය වී ඇති බව ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදය චෝදනා කරනවා.

එහි සභාපතිනි ටානියා අබේසුන්දර මහත්මිය අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ; තමන් ව්‍යවසායකයෙක් හැටියට දැඩි ලෙස කම්පා වන්නේ, රටේ කොඳුනාරටිය බඳු වූ ව්‍යාපාරික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කිසිදු වගකිවයුත්තෙක් කතා නොකිරීම හේතුවෙන් බවයි.

අනවශ්‍ය අයුරින් බදු පොළී ඉහළ දැමීමත් සමග, මේ වනවිට ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර නිසි ලෙස සිදු කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ව්‍යාපාරික සංසදය චෝදනා කරනවා.

අද වන විට ඩොලරය අඩු වී, රුපියලේ අගය වැඩි වීමත් මත රට ආර්ථිකමය වශයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති බවට සභාපතිනය විසින් චෝදනා කරනු ලබන අතර; ඇය කියා සිටින්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ණය මුදල හේතුවෙන් මෙරට ආර්ථිකය මෙලෙස තාවකාලික පිබිදීමක් අත්පත් කරගෙන ඇති බවයි.

කුඩම්මාගේ සැලකිලි ලබානොදෙමින්, තමන්ගේ පාර්ශ්වයට ද නිසි විසඳුම් දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරගෙන යාමට ඉඩදෙන ලෙසයි ලාංකීය ව්‍යාපාරික සංසදය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.