ලුල්කඳුර වතු යායේ කම්කරුවන් විරෝධතාවක්: වතු සංවර්ධන මණ්ඩලයට අයත් මහනුවර දෙල්තොට ලුල්කඳුර වතු යාය කොටස් කර පෞද්ගලික අංශයට විකුණා දැමීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවට කම්කරුවන් චෝදනා කරනවා.

MonaraMonara

ලුල්කඳුර වතු යායේ කම්කරුවන් විරෝධතාවක් Monara

Colombo (Monara) June 30 | වතු සංවර්ධන මණ්ඩලයට අයත් මහනුවර දෙල්තොට ලුල්කඳුර වතු යාය කොටස් කර පෞද්ගලික අංශයට විකුණා දැමීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවට කම්කරුවන් චෝදනා කරනවා.

ඔවුන් ප්‍රකාශ කළේ, පෞද්ගලික අංශයේ ගැණුම්කරුවන් පිරිසක් පසුගිය 25 වනදා වත්තට පැමිණි බවයි.

MonaraMonara

විරෝධතාවයේ නිරත වතුකම්කරුවන් Monara

ඊට විරෝධය පළ කරමින් කම්කරුවන් උපවාසයක් හා අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

ලුල්කඳුර වතු පාලකයන් විසින් වතු යාය පෞද්ගලිකරණය නොකරන බවට ලිඛිත සහතිකයක් ලබා දෙන තෙක් උපවාසය හා උද්ඝෝෂණ ක්‍රියාමාර්ග අත්නොහරින බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

MonaraMonara

විරෝධතාවයේ නිරත වතුකම්කරුවන් Monara

1867 වසරේ දී මෙරට තේ වගාව ආරම්භ කරනු ලැබුවේ ලුල්කඳුර වතු යායෙන්.

70 දශකයේ දී ලුල්කඳුර වතු යාය ජනසතුකරණය යටතේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතට ගැනුණා.