අදත් ශ්‍රී ලංකා ලකුණු පුවරුවෙහි සම්පූර්ණ බර කරට ගත් ධනාගෙන් ප්‍රවේසම්කාරී අර්ධ ශතකයක්: ඒ එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව එක් වූ පළමු තරගයට ක්‍රීඩා කරමින්.

MonaraMonara

ධනංජය පන්දුවට පහරදෙමින් සිටින අයුරු ඡායාරූප සහ මූලාශ්‍රය - https://live.sirasatv.lk/player.html?match=33 සහ www.espncricinfo.com

Colombo (Monara) June 30 - ධනංජය ද සිල්වා අද සිය එක්දින ක්‍රිකට් දිවියේ 10 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව එක් වූ පළමු තරගයට ක්‍රීඩා කරමින්.

ප්‍රතිවාදී නෙදර්ලන්තයට එරෙහිව ධනාගෙන් මෙම අර්ධ ශතකය රැස් කරගැනීමට පන්දු 79ක් වැය වුණා.

ධනාගේ අර්ධ ශතකය වේගවත් ලකුණු රැස් කිරීමක ප්‍රතිඵලයක් නොවූ බව ද කිවයුතු වනවා.

නෙදර්ලන්ත පන්දු යවන්නන් අබියස ලකුණු මැෂිම් අක්‍රීය ව අසීරු අඩියකට වැටී සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ වැල නොකැඩී ක්‍රීඩාගාරයේ අසුන් වෙන් කරගනිද්දී, කණ්ඩායමේ බර අදත් සම්පූර්ණයෙන් ම කරට ගත් ධනංජය ඉතාමත් ප්‍රවේසම්කාරී මෙන් ම කල්පනාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් මෙම අර්ධ ශතකය රැස් කරගත්තා.

ඊට හතරේ පහර 04ක් පමණක් ඇතුළත්.

මේ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දුර්වල මට්ටමක පවතින්නේ පන්දුවාර 33යි පන්දු 04ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 132ක් ලබා සිටිනවා.

8 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ ධනංජය ද සිල්වා සමගින් මහීෂ් තීක්ෂණයි.