"මාත් එක්ක විසි දැලේ රඟපානකොට එයාට 18යි !එයාම මගෙන් ඇහුවා එයා ගැන මොකද හිතන්නේ කියලා... ඒත්..."‍: "එයාම මගෙන් ඇහුවා එයා ගැන මොකද හිතන්නේ කියලා... ඒත් මං කියපු දේ එයා තේරුං ගත්තෙ නෑ..."

MonaraMonara

"එයාම මගෙන් ඇහුවා එයා ගැන මොකද හිතන්නේ කියලා... ඒත් මං කියපු දේ එයා තේරුං ගත්තෙ නෑ..."

මේ කතාව 'අනුෂා සොනාලි' ගැන වුණත්... 'විසිදැල' ගැන වුණත්, ඒ කතා දෙකම 'එකම එකක්' කියලා මට හිතෙනවා.

මට මතක, 'ගුමු ගුමුව වදුලේ' කියන ගීතය 'යූටියුබ්' එකේ නිතර ඇහුවත්, 'සුන්දර අනුෂා' එහේ මෙහේ යන 'ලතාව' පේන්න ගන්නවා. ඇය ඒ තරම් 'සුන්දරත්වයක්' ඒ රූපරාමු ඇතුළට අරන් ආවා.

'විසිදැල' චිත්‍රපටය ඇතුළේ ඩබ්ලිව්. ජයසිරි, අනුෂාගේ 'රෙද්ද කඩන දර්ශනය' ලොකු ආන්දෝලනයක් ඇති කරනවා. ඇය ඇගේ 'පපුව පෙන්නපු වරද' ඇයට නිවැරදි කරගත නොහැකි වෙනවා. අනතුරුව ඇය 'වැඩිහිටියන්ට පමණක්' සීමා වූ සිනමාව ඇතුළේ 'හුදකලා ගැහැනියක්' බවට පත්වෙනවා.

Google ImagesGoogle Images

මම ඇය දුටුවේ රේල්පීල්ලක පිපුණු මලක් මෙනි. මම ඇයට එය කීව ද ඇයට එය නො තේරුනි. Google Images

'නිරුවතට' බියගුලු සමාජයක් ඇතුළේ අනුෂා කරන්න හදපු 'විප්ලවය' ඇයට අවසන් කරන්න බැරිවුණා කියලයි මට අදටත් හිතෙන්නේ.

නිළියක් සිනාම තිරය උඩ 'නිරුවත් වෙන එක' ගොඩක් පිරිමි 'මැජික් එකක්' කරගත්තා. ඒ පිරිමින්ට අනුව ඒ 'ගැහැනු' ලේබල් වෙන්න ගත්තා. මින් එහා දේශපාලකයෝ පවා ඒ ගැහැනුන්ට සෙවල හලන්න ගත්තා. මේ හැම 'සුළි කුණාටුවකට' පස්සෙදිත් ඇය තමන් වදපු දරුවා පපුවේ තියන්න පරිස්සම් කරන්න ගත්තා.

film.lkfilm.lk

දරුවා පිළිසිඳ ගත්තට පස්සෙ දරුවා නැතිකරන්න කියලා එයා කිවුවා. මම ඒකට එකඟ වුණේ නෑ! film.lk

'මම ආදරේ කරලා හාන්සි වෙලා තියෙනවා. මුදලට හාන්සි වෙලා නෑ..මම ආදරේ කරපු අයට ම‌ට පෙරළා ආදරේ දුන්නෙ නැහැ. අන්තිමට මම දරුවෙක් එක්ක තනිවුණා. දරුවා පිළිසිඳ ගත්තට පස්සෙ දරුවා නැතිකරන්න කියලා එයා කිවුවා. මම ඒකට එකඟ වුණේ නෑ!!'

අනුෂා ඇගේ අවසන් කාලයේ ඇය ගැන, ඇගේ කතාව ගැන කියන්න පටන් ගත්තා. ඒකේ 'කොටස් තුනක්' ඇහුවට පස්සෙත් ඇය 'වරද්දගත්ත තැන' මොකද්ද අහන්න මම නොඉවසිල්ලෙන් බලන් හිටියා. නමුත් ඊට කලින් ඈ මෙහෙන් ගියා.

Anusha De Silva FB PageAnusha De Silva FB Page

ඇය රංගනයෙන් දායක වූ 'ගැහැනු ළමයි' ‌නිර්මාණයේ ඡායාරූපයක්.. Anusha De Silva FB Page

අනුෂා මිය ගියාට පස්සෙ ඩබ්ලිව්. ජයසිරි ලස්සන 'ලියමනක්' ෆේස්බුක් එකේ ලියලා තිබුණා.

'ඇය නමින් අනූෂා සොනාලි ය. මා සමග ඇය “විසිදැල” චිත්‍රපටයේ රඟපාන විට ඇගේ වයස අවුරුදු 18කි. එක් දිනක ඇය ගැන මම හිතන්නේ කුමක් දැයි ඇයම මගෙන් ඇසුවා ය. එකල ඇයගේ ඇවතුම් පැවතුම් අනුව මම ඇය දුටුවේ රේල්පීල්ලක පිපුණු මලක් මෙනි. මම ඇයට එය කීව ද ඇයට එය නො තේරුනි. ඉතිං, අද ඇය මියගියා ය. අනූෂා සොනාලි ඔබට සුබ ගමන්…!'

Anusha De Silva FB PageAnusha De Silva FB Page

ඈ ඇගේ පුංචි මුණුපුරාව සතුටින් තුරුළු කරන් ඉන්න 'අන්තිම ෆොටෝ එක'. Anusha De Silva FB Page

අනුෂා 'අනුරාගය' ඉස්සරහා ඇස් අන්ධ වෙච්ච ගැහැනියක්. අදටත් මට හිතෙනවා ඈට 'පිළිසරකර' කරගන්න පුළුවන් වුණු තැන් තිබුණා කියලා. අන්තිම කාලේ දී ඇගේ 'වැහැරුණු සිරුර' දකිනකොට ඈ කොයි තරම් අසරණද කියලා මට හිතුණා.

ඒත්.... ඈ ඇගේ පුංචි මුණුපුරාව සතුටින් තුරුළු කරන් ඉන්න 'අන්තිම ෆොටෝ එක' දැක්කම මට සන්තෝස හිතුණා. (අනුෂා ඇත්තටම පව් !!)