ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතා කරන Colposcopy machine 18ක් මේ වසරේදී රෝහල් පද්ධතියට
රුපියල් මිලියන 114ක වියදමින් ගැබ්ගෙල පිළිකා හඳුනාගැනීම සහ ප්‍රතිකාර සඳහා භාවිත කරන කොල්පොස්කොපි යන්ත්‍ර 18ක් මේ වසරේදී රෝහල් පද්ධතියට එක් කරලා තියෙනවා.
මේ වෙනකොට රෝහල්වල තිබුණු යන්ත්‍ර 15ට අමතරව නව යන්ත්‍ර එක්වීමත් සමඟ මුළු සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගිහින් තියෙනවා.
මේ වනවිට අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, ද සොයිසා කාන්තා රෝහල, මහනුවර, ගම්පහ, මාතර, මොණරාගල, පුත්තලම සහ හම්බන්තොට යන ප්‍රදේශවල රෝහල්වල මෙම යන්ත්‍ර ස්ථාපිත කරලා තියෙනවා.
ඊළඟ මාසයේදී අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වව්නියාව රෝහල්වලටත් තවත් යන්ත්‍ර 6ක් ලබාදීමට සැලසුම් කරලා තියෙනවා.
කොල්පොස්කොපි කියන්නේ ගැබ්ගෙල සහ යෝනි මාර්ගයේ අසාමාන්‍යතා හඳුනාගන්න භාවිත කරන විශේෂ වෛද්‍ය පරීක්ෂණ ක්‍රමයක්. මේ හරහා ගැබ්ගෙල පිළිකාව කලින්ම හඳුනාගෙන ප්‍රතිකාර කරන්න පුළුවන් වෙනවා.
ජාතික පිළිකා මර්දන වැඩසටහන අනුව, වසරකට නව ගැබ්ගෙල පිළිකා රෝගීන් 1200ක් පමණ හඳුනාගන්න අතර, නිසි ප්‍රතිකාර නොලැබීම නිසා වසරකට 180ක් පමණ මියයන බව සඳහන් වෙනවා.
