අමාත්‍ය විජිත හේරත් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සංචාරයක

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු රජයන්ගේ ආරාධනයකට අනුව මැයි 26 සිට ජූනි 3 දක්වා ඒ රටවල නිල සංචාරයකට එක්වෙනවා.
මේ සංචාරයේදී ඔහු නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඒ වගේම එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්වත් හමුවීමට නියමිතයි.
වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීමත් මේ සංචාරයේ විශේෂ අවස්ථාවක් වෙනවා.
මෙම සංචාරය හරහා නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගෙන, දෙරටටම වැදගත් ක්ෂේත්රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම අපේක්ෂා කරනවා.
