පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතියෙන් නව තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් 10 දෙනෙකුට උසස් නිලතල

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත් කිරීම සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නම් කරන ලද තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් 10දෙනෙකුගේ නම් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමත කර ඇත.
ඒ අනුව, ඔවුන්ට එම රාජ්‍යතාන්ත්‍රික ධුරයන්හි රාජකාරි භාර ගැනීමට අවස්ථාව සැලසේ.

මෙලෙස පත් කරන ලද රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ ධුරයන් පහත පරිදි වේ.

1. දර්ශන එම්. පෙරේරා මහතා – මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
2. ඩී.එම්.එස්.පී. දසනායක මහතා – ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත
3. දයානි මෙන්ඩිස් මෙණෙවිය- ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත
4. එස්.පී.ඩබ්ලිව්. පතිරණ මහතා – රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති
5. එන්.අයි.ඩී. පරණවිතාන මෙණෙවිය – ඉතියෝපියාවේ සහ අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත
6. එස්. කේ. චන්ද්‍රසිරි මහතා – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති
7. ධම්මික ප්‍රනාන්දු මහතා – කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
8. අනුර විතානගේ මහතා – ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති
9. මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි මිය – ඉරානයේ ශ්‍රී ලංකා තානාපති
10. එම්. ෆාරුක් එම්. ෆවුසර් මහතා – පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත

Share This