ජාතික තරුණ දිනයට “Say No” තේමාවෙන් රටපුරා පා ගමන්
ජාතික තරුණ දිනය සමගාමීව ජාතික තරුණ සේවා සභාව සහ Youth Club ජාතික සම්මේලනය එක්ව සංවිධානය කරපු පාගමන් සහ රැළි 25ක් දිවයින පුරා පැවැත්වුණා.
“Say No – අනාගතය නැති කරන විෂ මත්ද්‍රව්‍ය එපා” කියන තේමාව යටතේ මේ පාගමන් සියලුම දිස්ත්‍රික්කවල පැවැත්වුණා.
ප්‍රධාන වැඩසටහන මහරගමදී පැවැත්වුණු අතර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඇතුළු පිරිසක් එයට එක්වුණා.
ඒ වගේම ජාතික තරුණ සේවා සභාවේ සහ Youth Club ජාතික සම්මේලනයේ නායකයින් වගේම විශාල තරුණ තරුණියන් පිරිසක් මේ පාගමන්වලට සහභාගි වුණා.
ජාතික තරුණ දිනය වෙනුවෙන් ජනාධිප
ති අනුර කුමාර දිසානායකත් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණු අතර, එය එම අවස්ථාවේදී අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ඉදිරිපත් කළා.
